සෝභිත හිමිගේ තෙමස් පිංකමට පෙර ජනපති ක‍්‍රමය ඉවතට!

imagesසෝභිත හිමියන්ගේ ශ‍්‍රී දේහය ඉදිරියේ සපථ කළ ආකාරයටම උන්වහන්සේගේ තුන්මාසයේ දානයට පෙර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ජනාධිපතිවරයා තීරණය කරඇති බව යුක්තියට වාර්තාවේ.   කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මේ සඳහා දැනටමත් ලැබී ඇති අතර  එය 18 වෙනිදා පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කෙරෙනු ඇත.  සෝභිත හිමියන්ගේ ප‍්‍රධානතම ඉල්ලීම වූ විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කිරීමෙන් ඒ හිමියන්ට කළහැකි උපරිම ගෞවරය මෙය බව ජනාධිපතිවරයා විශ්වාස කරන බව ඒ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.
සෝභිත හිමියන්ට ගරුකිරීමක් වශයෙන් තුන්මාසයේ පිංකමට පෙර ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන අතරම ඉදිරියේ දී එය ද ඇතුලත් පූර්ණ ව්‍යවස්ථා වෙනසකට එසේම සිදුවන බව දැනගන්නට ඇත. පනතක් මගින්  ජනාධිපති ක‍්‍රමය අහෝසි කෙරෙන නමුත්  මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධූර කාලය අවසන්වන තුරු ඔහු එම ධූරයේ රැුඳී සිටිනු ඇති බව දැනගන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *