ගොඨා එනවනම් අපිට ගේමක් නෑ – සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වීම එක්සත් ජාතික පෙරමුණට අභියෝගයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

සුළු ජනතාවගේ ඡන්ද දිනාගැනීමට ඔහුට හැකියාවක් නොමැති බවත්  ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය රජය සමයේ සුළු ජාතිකයින්ට කළ හිරිහැර ඔවුන්ට අමතකව නැති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණට සිටින හොදම ප්‍රතිවාදී අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඔහු සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා මුල සිටම දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළ යුතු බවද පෙන්වාදෙයි.

 

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයින් පවසන්නේ තවම සන්ධානය ගොඩ නැගීමේ කටයුතු අවසන් නොමැති බවත් එවන් තත්ත්වයක තම සන්ධනයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කරනු ලබන්නේ සන්ධානය පිහිටුවීවෙන් පසුව බවයි.

 

පසුගිය දා විජිත් විජයමුණි සොයිසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ස්ථිර ලෙස ප්‍රකාශ කර සිටියේ තමා කිසිසේත්වත් රාජපක්ෂ කෙනෙකුට යළි උදව් නොකරන බවයි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *