හම්බන්තොට චීන පිරිපහදුව තවදුරටත් ප්‍රමාදයි ; තවත් ප්‍රශ්න ඇතැයි ‘සිනොපෙක්’ කියයි.
|

හම්බන්තොට චීන පිරිපහදුව තවදුරටත් ප්‍රමාදයි ; තවත් ප්‍රශ්න ඇතැයි ‘සිනොපෙක්’ කියයි.

හම්බන්තොට ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කළ පිරිපහදුව ඉක්මනින් ඉදි කිරීමට තමන් සුදානම් නමුත් ඒ සඳහා තවත් ප්‍රශ්න කිහිපයක් විසඳා ගත යුතුව ඇතැයි චීනයේ සිනොපෙක් සමාගමේ නියෝජිතයින් ප්‍රකාශ කොට තිබේ. විදේශ ඇමති විජිත හේරත් මහතා සමග පැවති සාකච්ඡාවක දී එම සමාගමේ නියෝජිතයින් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ ඉතිරි ප්‍රශ්න ඉකමනින් විසඳා දීමට මැදිහත් වන ලෙස යි. ශ්‍රී ලංකාවේ තම…

රාජ්‍ය ව්‍යාපාර වල ලාබ හා ලාභාංශ – ඉකොනොමැට්ටා
| |

රාජ්‍ය ව්‍යාපාර වල ලාබ හා ලාභාංශ – ඉකොනොමැට්ටා

රාජ්‍ය ව්‍යාපාර ගණනාවක ලාබ හා ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දීමක් ගැන ප්‍රවෘත්තියක් දැක්කා. සංසන්දනයක් නොකර මිලියන ගණන් වලින් කතා කළාම එක පාරටම කෙනෙකුට පේන්නේ කලින් නොලැබුණු ආදායමක් අලුතෙන් ලැබුනා වගෙයි. නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ තිබෙන මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ගිණුම් දෙපාර්තුමේන්තුවේ නිල ගිණුම් වාර්තා අනුව පේන විදිහටනම්, පළමු මාස හයේ සමස්තයක් ලෙස රාජ්‍ය ව්‍යාපාර වලින්…

උත්පාදක නාශනය: ආර්ථික වර්ධනය තිරසාරව පවත්වා ගන්නේ කෙසේද? – ඉකොනොමැට්ටා
| |

උත්පාදක නාශනය: ආර්ථික වර්ධනය තිරසාරව පවත්වා ගන්නේ කෙසේද? – ඉකොනොමැට්ටා

පසුගිය සියවස් දෙකක කාලය තුළ, ඉතිහාසයේ පළමු වරට, ලෝකය පුරාම තිරසාර දිගුකාලීන ආර්ථික වර්ධනයක් දැකිය හැකි වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස, මානව සංහතියේ සෞභාග්‍යය සඳහා අත්තිවාරමක් දමමින්, ලෝකයේ බොහෝ දෙනෙකු දරිද්‍රතාවයෙන් මිදුනා. මෙම ප්‍රගතිය තව දුරටත් පවත්වා ගනිමින් ඉදිරියට යාම සඳහා නවෝත්පාදන වල කාර්ය භාරය පැහැදිලි කළ විද්‍යාර්ථීන් තිදෙනෙකු වන ජොයෙල් මොකර් (Joel Mokyr), ෆිලිප් අගියන්…

ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන – ඉකොනොමැට්ටා
| |

ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන – ඉකොනොමැට්ටා

රටක ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන අතර තිබෙන්නේ කවර ආකාරයේ සම්බන්ධයක්ද? මේ ප්‍රශ්නයට 1987දී නොබෙල් ත්‍යාගය දිනූ රොබට් සොලෝ විසින් න්‍යායාත්මක පිළිතුරක් ලබා දී තිබෙනවා. 2021 පෙබරවාරි 4 දින පළ කර ඇති “රටවල් දියුණු වෙන්නේ කොහොමද?” ලිපියෙහි මෙම සොලෝ ආකෘතිය තාක්ෂනික (ගණිතමය) ලෙස විස්තර කර තිබෙනවා. මෙය ඊට වඩා බොහෝ සරල, වැඩි දෙනෙකුට තේරුම් ගත…

බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කඩිනම් කළ යුතුයි – ලෝක බැංකුව
|

බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කඩිනම් කළ යුතුයි – ලෝක බැංකුව

ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් (Gevorg Sargsyan) මහතාගේ නායකත්වයෙන් යුත් ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ එහි සාමාජිකයින් හමුවී තිබේ. අනතුරුව කණ්ඩායම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති පාර්ලිමේන්තු…

නියම මිල සහ කෘතිම මිල – ඉකොනොමැට්ටා
| |

නියම මිල සහ කෘතිම මිල – ඉකොනොමැට්ටා

මේ සටහනත් දුම්රිය ප්‍රවේශපත්‍ර ප්‍රශ්නය හා අදාළවයි. නමුත් දුම්රිය ප්‍රවේශපත්‍ර ප්‍රශ්නය පාදක කර ගනිමින් අපට පොදුවේ වෙළඳපොළ ක්‍රියාකාරිත්වය ගැනත් කතා කරන්න පුළුවන්. ප්‍රස්තුත කාරණය හා අදාළව කිහිප දෙනෙක්ම කියා තිබුණේ ඊනියා ජාවාරම්කරුවන් විසින් හිඟයක් ඇති කොට අදාළ දුම්රිය ප්‍රවේශපත්‍ර කෘතිම මිලකට විකිණීම මගින් ලාබයක් උපයන බවයි. දුම්රිය ප්‍රවේශපත්‍ර හා අදාළව අලුත් කතාවක් වුවත්, මේ කතාව…

ආයෝජක විශ්වාසය නැහැ ; බැඳුම්කර ගන්න කිසිවෙකු නැහැ !
|

ආයෝජක විශ්වාසය නැහැ ; බැඳුම්කර ගන්න කිසිවෙකු නැහැ !

2032 වසරේ කල් පිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ බැඳුම්කර මිල දී ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීම නිසා එම වෙන්දේසිය සම්පුර්ණයෙන් අසාර්ථක වී ඇති බව වාර්තා වෙයි. 2035 වසර සනහා නිකුත් කළ බැඳුම්කර වලින් ද විශාල ප්‍රමාණයක් විකුණාගත නොහැකි වී තිබේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳව ආයෝජකයින් තුළ ඇති අවිශ්වාසය මෙම තත්ත්වයට හේතු වී…

කෝච්චි ටිකට් මාෆියාව – ඉකොනොමැට්ටා
| |

කෝච්චි ටිකට් මාෆියාව – ඉකොනොමැට්ටා

මම සෑහෙන කාලයකින් ලංකාවේ කෝච්චියක ගමන් කරලා නැහැ. ලංකාවේ ජීවත් වූ කාලයේදී වුනත් කෝච්චි වලින් ගමන් කළේම නැති තරම්. නමුත් මගේ සමහර මිතුරන් අතර දිනපතා කෝච්චියේ ගමන් කළ අය හිටියා. කෝච්චි ගමන් එක්ක බැඳුනු සංස්කෘතියකුත් ලංකාවේ තිබෙනවා. සාමාන්‍යයෙන් දවසකට ලක්ෂ තුනක පමණ පිරිසක් ලංකාවේ කෝච්චි වල ගමන් යනවා. මේ එක් මගියෙක් ගමන් වාරයකදී සාමාන්‍ය වශයෙන්…

ජනාධිපති පාර්ලිමේන්තුවේ කීවේ ඇත්තද? – ඉකොනොමැට්ටා පැහැදිලි කරයි
| |

ජනාධිපති පාර්ලිමේන්තුවේ කීවේ ඇත්තද? – ඉකොනොමැට්ටා පැහැදිලි කරයි

ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම මේ අවුරුද්දේදීද? ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාර්ලිමේන්තු කතාව අනුව, “2015 සිට 2025 දක්වා ශ්‍රී ලංකාවේ අපනයන ආදායමේ දත්ත පිළිබඳ විමසා බැලූ විට මේ වසරේ මුල් මාස හය තුළ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලබා ගෙන තිබෙනවා.” මේ කතාව ඇත්තද? පහත තිබෙන්නේ මහ බැංකු දත්ත අනුව අදාළ වසර වල පළමු මාස හයක කාලය…

අයි එම් එෆ් ඊළඟ වාරිකය මේ වසර තුළ නෑ – කොන්දේසි සපුරන තෙක් නොදෙයි !
| |

අයි එම් එෆ් ඊළඟ වාරිකය මේ වසර තුළ නෑ – කොන්දේසි සපුරන තෙක් නොදෙයි !

මේ වසරේ සැප්තැම්බර් මාසයේ පමණ ලබාදීමට කලින් සැලසුම් කොට තිබු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මීළඟ වාරිකය මෙම වසර තුළ නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි. මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති වැඩ සටහනේ කොන්දේසි ඉටු කිරීමට ප්‍රමාද වීම සහ විදුලි බල මණ්ඩලයේ වැනි ඇතැම් ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම මෙම තත්ත්වයට හේතු වී තිබේ….

එළවළු, මාළු හා පොල් මිල හා අවධමනය – ඉකොනොමැට්ටා
| |

එළවළු, මාළු හා පොල් මිල හා අවධමනය – ඉකොනොමැට්ටා

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසය අවසන් වී තිබෙන්නේද 0.3%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මේ එම දර්ශකය අනුව එක දිගට අවධමනයක් වාර්තා වන එකොළොස්වන මාසයයි. විදුලි ගාස්තු වැඩි කිරීමෙන් පසුව අපගේ අදහස වූයේ අවධමනය පසුගිය මාසයෙන් අවසන් වනු ඇති බව වුවත්, සැපයුම් සාධක වල බලපෑම නිසා ජූලි මාසය තුළ සමස්ත මිල මට්ටමේම පහත වැටීමක් සිදු…

ට්‍රම්ප්ගේ තීරු බද්ද සියයට 20ක් දක්වා අඩුකරයි
|

ට්‍රම්ප්ගේ තීරු බද්ද සියයට 20ක් දක්වා අඩුකරයි

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන 30%ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ අතර, එය අද (1) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි. ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම මෙලෙස…