කිරිපිටි මිල යළිත් ඉහළට ; පැකට්ටුව 790 යි

කිරිපිටි මිල ඉහල දැමීමට ආනයනකරුවන්ගේ සංගමය තීරණය කොට තිබේ. ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දමා ඇත. එම මිල ඉහළ දැමීම අද සිටම ක්‍රියාත්මක කොට තිබේ. එම මිල ඉහළ දැමීමත් සමඟ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 790 ක් වෙයි. ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම සහ රුපියල අවප්‍රමාණය…

අකමැත්තෙන් වුණත් මුල්‍ය අරමුදලට යන්න වෙලා ! – මහ බැංකු අධිපති කබ්රාල්

පවතින තත්ත්වය යටතේ අකමැත්තෙන් වුව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට සිදු වී ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කොට තිබේ. පවතින ගැටළුව විසඳාගැනීම සඳහා තුන්වැනි පාර්ශ්වයක සහයෝගය ලබා ගැනීමට සිදුවන බව ද ඒ මහතා ප්‍රකාශ කරයි. මුල්‍ය අරමුදලට යන බවට ජනාධිපතිතුමා කළ ප්‍රකාශය ගැන කළ මාධ්‍ය විමසීම් වලට පිළිතුරු…

සර්ව පාක්ෂික සමුළුවට විමල්, ගම්මන්පිල, වාසු නොයති ! නියෝජිතයින් යවති !

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර මහත්වරුන් තීරණය කොට ඇති බවත්, ඔවුන්ගේ පක්ෂ දහයේ කණ්ඩායම නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනෙකු සහභාගී වනු ඇති බවත්, වාර්තා වෙයි. පක්ෂ දහය වෙනුවෙන් සර්ව පාක්ෂික සමුළුව නියෝජනය කිරීම සඳහා පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ මහාචාර්ය තිස්ස විතාරණ මහතා…

පොහොර තහනමෙන් තේ නිෂ්පාදනය සියයට 20 කින් වැටිලා

රසායනික පොහොර තහනම් කිරීමට රජය ගත් පියවර නිසා පසුබැස්මට ලක් වූ තේ නිෂ්පාදනය සියයට 20 කින් පමණ පහත වැටී ඇති බව වාර්තා වෙයි. පසුගිය පෙබරවාරි මාසයේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 18.16 ක් වූ අතර එය ගිය වසර හා සංසන්දනය කිරීමේ දී සියයට 20 ක පමණ පසු බැස්මකි. මෙය වසර 13 කට පසු එක මසක දී…

අදත් කොවිඩ් මරණ 3 ක් , නව ආසාදිතයින් 288 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන මගින් කිවිද්මරණ 3 ක් අද දිනය තුළ තහවුරු කොට ඇති අතර නව අසාදිතයින් 288 දෙනෙකු අලුතින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමසත් කොවිඩ් මරණ සංඛ්‍යාව 16,422 කි. මෙරට දී හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 657,723 ක් වෙයි.

බදු ක්‍රමයෙන් අවුලට ගිය ප්‍රවාහනය – ආචාර්ය දිමන්ත ද සිල්වා

ඕනෑම සේවාවක පුනරාවර්තන වියදමක් පවතී. එනම් ඒ සේවාව පවත්වාගෙන යාමට යන වියදමක් තිබේ. ඒ වියදම ඉන් ලැබෙන ආදායමෙන් පියවා ගත යුතුය. ආදායමෙන් වියදම පියවාගත නොහැකි නම් සිදුවන්නේ පාඩුවකි. සේවාවකදී ඊට යන ප්‍රාග්ධන වියදම පිළිබඳව සලකා නොබලයි. ප්‍රවාහන සේවාවකට යන ප්‍රාග්ධන වියදම ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් උපයා ගැනීමට කල්පනා නොකරයි. එහෙත් මෙහෙයුම් වියදම් පියවා ගැනීමට නොහැකි වුවහොත්…

පමා නොවී අයි.එම්.එෆ් ගියා නම් රට මේ තරමට කඩා වැටෙන්නේ නෑ – රනිල්

  ශ්‍රී ලංකාවට මෙතරම් දරුණු  ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවූයේ ජාත්‍යන්තර මූල්‍ය  අරමුදලට යෑම  ප්‍රමාද වූ නිසා බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අතීත එක්සත් ජාතික පක්ෂ අාණ්ඩු මෙවැනිම ආර්ථික අර්බුද සහිත අවස්ථා වල රට බාර ගෙන ආර්ථිකය ගොඩ  ගත් අවස්ථා ඕනෑතරම් තිබෙන බවද රනිල් වික්‍රමසිංහ  මහතා සඳහන් කළේය….

අද කොවිඩ් මරණ 3 යි ; නව ආසාදිතයින් 301 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද දිනයේ තහවුරු කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3 ක් වන අතර හඳුනාගෙන ඇති නව කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා කළ සංඛ්‍යාව 301 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16,419 ක් වශයෙනි. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ 657,435…

ඉන්දියාවෙන් දෙන ඩොලර් බිලියනයේ ණය ගිවිසුමට නව දිල්ලියේ දී අත්සන් තැබෙයි

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියමයක ණය ගිවිසුමට අද නවදිල්ලි නුවර දී අත්සන් තැබු බව ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කොට ඇත. මෙම ගිවිසුම යටතේ ඉන්දියාවෙන් තවත් බිලියනයක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇත. ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සඳහා ලබා දෙන මෙම මුදලින් සියයට 75 ක් ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය සඳහා වියදම් කළ යුතුය….

ජාතික රූපවාහිනිය පාරමී නිලේක්තිට පැන වූ තහනම තුළින් ආරක්ෂාවටත් තර්ජනයක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ජාතික රුපවාහිනියේ නිදහස් මාධ්‍යවේදිනියක ලෙස සේවය කළ පාරමී නිලේප්තිට පැන වූ  තහනම හුදෙක් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමක් පමණක් නොව මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව අනතුරේ හෙලීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියයි. එම නිවේදනය මෙසේ ය. පාරමී නිලේප්තිට රූපවාහිනිය තහනම් වෙයි, මාධ්‍යවේදීන් ආවේක්ෂණය සිදුවන බවට සංඥාවක් –  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජාතික රූපවාහිනියේ නිදහස් මාධ්‍යවේදිනියක…

මහ බැංකු අධිපතිට ඉල්ලා අස්වෙන්න කීවේ නැහැ – ජනාධිපති මාධ්‍ය අංශය

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපතිතුමා කිසිසේත් දැනුම් දී නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. කබ්රාල් මහතාට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දී ඇති බවට පළ වූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම අංශය පෙන්වා දෙයි. අජිත් නිවාඩ් කබ්රාල් මහතා කෙරෙහි ජනාධිපතිතුමා උපරිම විශ්වාසයක් තබා ඇති බවත් රට මුහුණ දෙන බරපතළ ආර්ථික…

ආණ්ඩුවෙන් ලැබුණු ජාතික ආණ්ඩු යෝජනාව එජාපය ප්‍රතික්ෂේප කළා – හිටපු ඇමති නවීන් දිසානායක

ජාතික ආණ්ඩුවක් සඳහා ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් වූ යෝජනාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව හිටපු ඇමති නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරයි. පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් පස් දෙනකු අයින්කර එජාප පස් දෙනකු පත් කර ඔවුන්ට ඇමති ධුර ලබා දී රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබා දීමට එම යෝජනාව ඉදිරිපත්ව තිබු බව දිසානායක මහතා…