අකමැත්තෙන් වුණත් මුල්‍ය අරමුදලට යන්න වෙලා ! – මහ බැංකු අධිපති කබ්රාල්

පවතින තත්ත්වය යටතේ අකමැත්තෙන් වුව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට සිදු වී ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කොට තිබේ.

පවතින ගැටළුව විසඳාගැනීම සඳහා තුන්වැනි පාර්ශ්වයක සහයෝගය ලබා ගැනීමට සිදුවන බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.

මුල්‍ය අරමුදලට යන බවට ජනාධිපතිතුමා කළ ප්‍රකාශය ගැන කළ මාධ්‍ය විමසීම් වලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා තිබේ.

ඒ අනුව කටයුතු කරමින්, පවතින මුදල් අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (අයි.එම්.එෆ්) යෑම සුදුසු බව ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශයක් ලබා දී ඇත.

එසේ ම එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන්  විශේෂ යෝජනාවලියක්ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  රජයට  දැනටමත්  ඉදිරිපත් කර ඇති බව ද වාර්තා වෙයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *