සර්ව පාක්ෂික සමුළුවට විමල්, ගම්මන්පිල, වාසු නොයති ! නියෝජිතයින් යවති !

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර මහත්වරුන් තීරණය කොට ඇති බවත්, ඔවුන්ගේ පක්ෂ දහයේ කණ්ඩායම නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනෙකු සහභාගී වනු ඇති බවත්, වාර්තා වෙයි.

පක්ෂ දහය වෙනුවෙන් සර්ව පාක්ෂික සමුළුව නියෝජනය කිරීම සඳහා පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ මහාචාර්ය තිස්ස විතාරණ මහතා එයාල සහභාගී වීමට නියමිත ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමුළුවට සහභාගී වීමට තීරණය කොට තිබේ.

සර්ව පාක්ෂික සමුළුව මාර්තු 23 දා බදාදා ජනාධිපති කාර්යාලයේ දී රැස්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *