පොහොර තහනමෙන් තේ නිෂ්පාදනය සියයට 20 කින් වැටිලා

රසායනික පොහොර තහනම් කිරීමට රජය ගත් පියවර නිසා පසුබැස්මට ලක් වූ තේ නිෂ්පාදනය සියයට 20 කින් පමණ පහත වැටී ඇති බව වාර්තා වෙයි.

පසුගිය පෙබරවාරි මාසයේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 18.16 ක් වූ අතර එය ගිය වසර හා සංසන්දනය කිරීමේ දී සියයට 20 ක පමණ පසු බැස්මකි.

මෙය වසර 13 කට පසු එක මසක දී ලැබුණු අඩු ම නිෂ්පදනය වෙයි.

පොහොර සහ වල් නාශක තහනමෙන් තේ නිෂ්පදනයට හානි වීමෙන් පසුව රජය තේ සඳහා එම තහනම ඉවත් කළ ද, තේ වගාවට ඒ වනවිට සිදුව තිබු හානිය ඉක්මනින් යථා තත්ත්වයට පත් නොවන බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *