කිරිපිටි මිල යළිත් ඉහළට ; පැකට්ටුව 790 යි

කිරිපිටි මිල ඉහල දැමීමට ආනයනකරුවන්ගේ සංගමය තීරණය කොට තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දමා ඇත. එම මිල ඉහළ දැමීම අද සිටම ක්‍රියාත්මක කොට තිබේ.

එම මිල ඉහළ දැමීමත් සමඟ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 790 ක් වෙයි.

ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම සහ රුපියල අවප්‍රමාණය වීම වීම හේතුවෙන් මෙසේ නැවත කිරිපිටි මිල ඉහල දැමීමට සිදු වූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

පසුගිය දෙසැම්බර මාසයේ දී කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 590 දක්වා ඉහළ දමනු ලැබී ය.

මාස හතරක් තුළ කිරිපිටි මිල දෙගුණයකින් පමණ  වැඩි වී ඇත. එසේ වුව ද , තවමත් වෙළෙඳපොළේ ඉල්ලුමට අනුව කිරිපිටි ලබාදිය නොහැකි බව ආනයන කරුවෝ කියති. ණයවර ලිපි නිකුත් කිරීමේ ප්‍රශ්න මේ දක්වා විසඳි නොතිබීම එම තත්ත්වයට හේතු වී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *