හොරුන්ට රැකවරණයක් විය හැකි දත්ත ආරක්ෂණ පනත – අනුර කේ එදිරිසූරිය

වර්තමාන ලෝකයේ දත්ත සඳහා මහත් වටිනාකමක් ගොඩනැඟී ඇතැයි කීම නිවැරදිය. විශේෂයෙන්ම සමාජ ජාලා සහ වෙබ් අඩවි ප්‍රචලිත වීමත් සමඟ පුද්ගලයන් සහ ව්‍යාපාර පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම සම්බන්ධයෙන් සහ තොරතුරු සත්‍ය වුව අදාළ පාර්ශ්ව වල අවසරයකින් තොරව ප්‍රචාරය කිරීම සම්බන්ධ ගැටලුවක් පැනනැගී තිබේ. ශ්‍රී ලංකාවේ ද දත්ත අවභාවිතය පිළිබඳ ගැටලුවක් තිබේ. ඇතැම් තොරතුරු සහ හෝ ඡායාරූප වෙබ් අඩවි ආදියෙන් ඉවත් කරවා ගැනීමට අදාළ පාර්ශ්ව ගන්නා උත්සාහයට මෙරට පවතින නීති රාමුවෙන් බාධා වන බවද පිළිගත යුතු වේ. දත්ත ආරක්ෂාව සඳහා ශක්තිමත් නීතියක් මෙරටට අවශ්‍යය යන තර්කය සාධාරණ වන්නේ එමගිනි.
යම් තැනැත්තකුගේ හෝ ව්‍යාපාරයක පෞද්ගලික දත්ත අදාළ පාර්ශවයන්ගේ අවසරයකින් තොරව වෙනත් පාර්ශවයකට භාවිත කරන්නට ඉඩ නොදීම යනු අයිතියකි.තොරතුරු පෞද්ගලිකත්වය හෙවත් Data Privacy යන්නෙහි අදහස එයයි. මෙකී අයිතිය නීතියක් බවට පත් කරමින් දත්ත ආරක්ෂණය පිළිබඳ සම්මුතියක් මුල් වරට සම්මත කරන ලද්දේ යුරෝපා සංගමය විසින් 1981 දීය. ඒ දත්ත හිමිකරුවන්ගේ , එම දත්ත භාවිත කරන්නන්ගේ සහ සමස්ත සමාජයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණ පෙරදැරිවය.

බ්‍රිතාන්‍ය විසින් 1988 දී සම්මත කරන ලද දත්ත ආරක්ෂණ පනත මගින් ද කෙනකුගේ පෞද්ගලික ජීවිතය හෝ ව්‍යාපාර සම්බන්ධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වැළැක්වීමටත් සත්‍ය තොරතුරු ඒවාහි හිමිකරුවන්ගේ අවසරයකින් තොරව අනාවරණය කිරීම හෝ ප්‍රයෝජනයට ගැනීම සීමා කිරීමටත් පියවර ගෙන තිබේ.
තොරතුරු දැනගැනීම සඳහා වන මූලික අයිතිය වැඩිදුරටත් ශක්තිමත් කිරීම සඳහා යෝජිත දත්ත ආරක්ෂණ පනතට අදාළ කෙටුම්පත් ප්‍රතිපත්ති රාමුව සකස් කර අවසන් බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ ඇමැති වශයෙන් එවක කටයුතු කළ අජිත් පී පෙරේරා මහතා 2019 ජූනි මාසයේ සඳහන් කළේය. එහිදී නැඟුණු විරෝධය පදනම් වූයේ ,
1) දත්ත ආරක්ෂණ අධිකාරිය දේශපාලනීකරණය විය හැකිය.
2) දත්ත, තොරතුරු දේශපාලන පක්ෂ සහ පුද්ගලයන්ගේ අවශ්‍යතාව මත අවභාවිත විය හැකිය යන්න මතය. එවැනි තත්ත්වයක් මඟහරවීමට ගත යුතු ක්‍රියාමාර්ගය වශයෙන් අදාළ අධිකාරිය ස්වාධීන වීමේ අවශ්‍යතාව සහ අධිකාරියට කරනු ලබන පත්කිරීම් විනිවිද භාවයෙන් සිදුකිරීම ඉදිරිපත් කෙරිණ.
දත්ත ආරක්ෂණ පනත මේ වන විට නැවතත් සමාජ සංවාදයට බඳුන් වී තිබේ. ඒ පසුගිය දා එය පාර්ලිමේන්තුවේ සම්මත වීමත් සමඟය. පනත සම්මත වූයේ මුල් විරෝධතාවට බලපෑ හේතුව එලෙසම පවතිද්දීය. එනම්, දත්ත ආරක්ෂා අධිකාරිය දේශපාලනික වීමේ සහ දත්ත තොරතුරු දේශපාලන පක්ෂ සහ පුද්ගලයන්ගේ අවශ්‍යතාව මත අවභාවිත විය හැකිය යන අභියෝගය එලෙසම පවතිද්දීය.

පනත විවාදයට ගත් අවස්ථාවේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, පනත සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් සමඟ සාකච්ඡා කළ බව සඳහන් කළේය. එහෙත්, ජනමාධ්‍ය සංවිධාන පවසන්නේ තමන් ඒ පිළිබඳ නොදන්නා බවයි. ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කරන ජනමාධ්‍යවේදීන් කවුද පනත සම්බන්ධයෙන් ඔවුන්ගේ මැදිහත් වීම කවරේද යන ගැටලුව තිබේ.
පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආකාරය අනුව එය කඩිමුඩියේ සම්මත කර ගැනීමේ අවශ්‍යතාවක් පැවති බවට සැකයක් මතුවේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 20 වන සංශෝධනය අනුව පනතක් අධිකරණය හමුවේ අභියෝගයට ලක්කරන්නට නම් අදාළ පනත න්‍යාය පත්‍රයට ඇතුළත් කර දින හතක් ඇතුළත අධිකරණයට යා යුතු වේ. ජනමාධ්‍ය සංගම් සහ සිවිල් සංවිධාන පෙන්වාදෙන ආකාරයට දත්ත ආරක්ෂණ පනත න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලැබ ඇත්තේ ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යාම අවහිර කෙරෙන ආකාරයකින් යුතුවය; එනම්, පනත අධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට ලැබී තිබුණේ වැඩ කරන දින දෙකක් පමණි යන්නය. එකී කඩිමුඩියද සැකයට කරුණකි.ඉහත තත්ත්වය හේතුවෙන් පනත අධ්‍යයනය කරන්නට සෑහෙන කාලයක් අදාළ පාර්ශ්වයන්ට ලැබුණේ නැත. තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පනත අධිකරණයට ගෙනයාමට දැරූ තැත විනාඩි කිහිපයක ප්‍රමාදයක් හේතුවෙන් ව්‍යර්ථ ව ඇත්තේ එහෙයිනි.
පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ,විශේෂයෙන්ම විපක්ෂයේ හැසිරීම ද ගැටලු සහගත බව ජනමාධ්‍ය සංවිධාන සහ සහ සිවිල් සංවිධාන පෙන්වා දෙති. පනතෙහි බැරෑරුම් බව පිළිබඳ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් සියලු දෙනාම දැනුවත් කර තිබුණු පසුබිමක පවා පනතේ බැරෑරුම්කම විපක්ෂය විසින් හෝ විවාදයේදී අවශ්‍ය තරමට මතු නොකරන ලද බව සිවිල් සංවිධාන මතයයි. පනත විවාදයට ගැනීමට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එකඟතාව පළ කිරීම ගැටලු සහගත බවද ඔවුහු පෙන්වා දෙති.

පනත් කෙටුපතෙහි අරමුණ වශයෙන් සඳහන් වන්නේ , දත්ත දායකයන්ගේ , එනම් , සිය පෞද්ගලික දත්ත බාහිර පාර්ශ්වයක් සතුව ඇති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් හඳුනා ගැනීම සහ ශක්තිමත් කිරීම තුළින් පෞද්ගලික දත්ත භාවිතය නියාමනය ය. එසේ වුව, ජනමාධ්‍ය අරමුණු සඳහා දත්ත භාවිත කිරීම මෙමගින් පාලනය කළ හැකි වනු ඇති බවට සැක පහළ වී තිබේ. හේතුව, මාධ්‍ය වාර්තාකරණයේදී පෞද්ගලික දත්ත භාවිත කිරීම මෙමගින් සීමා විය හැකි බැවිනි.එනම් පෞද්ගලික නමක් ( විදුලි බිල් වංචාවකට සම්බන්ධ ඇමැතිවරයකුගේ නමක් ) ,අංකයක් ( වංචාවකට සම්බන්ධ බැංකු ගිණුම් අංකයක් / ගුවන් ගමන් බලපත්‍ර අංකයක් / ජා හැ ප අංකයක් ) , තැනක් ( සැකකටයුතු දේපලක් පිහිටා ඇති ස්ථානයක් ) වාර්තා කිරීමට පනත මගින් බාධා කළ හැකි ඇති බවය. පනතට එරෙහි තවත් චෝදනාවක් වන්නේ එමගින් තොරතුරු පනත ද අවහිර කෙරෙනු ඇත යන්නය.
තොරතුරු මූලාශ්‍ර හෙළි නොකර සිටීමේ ජනමාධ්‍ය අයිතියද දත්ත පනත මගින් අභියෝගයට ලක්වීම හේතුවෙන් ජනමාධ්‍ය වෙත තොරතුරු ලබා දෙන තැනැත්තන්ගේ අනන්‍යතා හෙළි නොකර සිටීමේ ජනමාධ්‍ය අයිතියට එමගින් බලපෑම් එල්ල වේ.එය කර්තෘ මණ්ඩල නිදහස සීමා කිරීමක් ලෙස මෙන්ම තොරතුරු දැනගැනීමේ ජනතා අයිතිය සීමා කිරීමක් වන්නට ඉඩ තිබේ.එයම තවත් අතකින් දූෂිතයනට හෙළිදරව් නොවී ජනතාවගෙන් සහ ජනමාධ්‍ය වලින් මුහුණ සඟවා ගැනීමට කරන උපකාරයක් ද වන බවට සැකයක් තිබේ.
දත්ත ආරක්ෂණ පනත රටේ අවශ්‍යතාවක් බවට කවුරුත් එකඟය. ගැටලුව ඇත්තේ ඒ අවශ්‍යතාවට වසංවී තොරතුරු දැනගැනීමේ සහ ප්රකාශනයේ භාෂණයේ අයිතියට වැට බැඳීමට දරන උත්සාහයක් පෙනෙන්නට තිබීමය.
පනත සම්බන්ධයෙන් විරෝධය දක්වන්නන් මතුකරන ප්‍රධාන කරුණක් වන්නේ යුරෝපා සංගමයේ දත්ත ආරක්ෂණ සම්මුතිය පදනම් කරගෙන මෙරට පනත සකසන ලද බව කීවද එම සම්මුතියේ 85 වගන්තිය මෙරට දත්ත ආරක්ෂණ පනතට මඟහැරී හෝ සිතාමතාම මඟහැර හෝ ඇති බවයි. යුරෝපා සංගමයේ 85 වගන්තිය මගින් පනත ජනමාධ්‍ය , අධ්‍යයන/ ශාස්ත්රාලීය , කලාත්මක ,සාහිත්‍ය කටයුතු සඳහා අදාළ නොවන බව දක්වා ඇතත් මෙරට පනත මගින් එවැන්නකට ඉඩ ලබා දී නැත. මාධ්‍ය නිදහස භාෂණයේ නිදහස තොරතුරු දැනගැනීමේ අයිතිය, පනත හේතුවෙන් අවහිර වනු ඇතිය යන මතය සාධාරණ වන්නේ එහෙයිනි.
දත්ත ආරක්ෂණ අධිකාරිය සම්බන්ධයෙන් ද ඇත්තේ බරපතළ තත්ත්වයකි. එය රජය විසින් පාලනය කරන ආයතනයක් ලෙස සඳහන් වීම හේතුවෙන් එහි ස්වාධීන බව පිළිබඳ ගැටලුවක් තිබේ. එසේම,අධිකරණයක් හෝ ස්වාධීන ආයතනයක් නොවන දත්ත ආරක්ෂණ අධිකාරියට පැමිණිලි බාරගැනීමේ, විමර්ශන කිරීමේ , විභාග කිරීමේ බලය පැවරේ. එපමණක් නොව අධිකාරියේ නියෝගවලට අනුකූල නොවන දත්ත පාලකවරුන්ට එක් අනුකූල නොවීමක් සඳහා මිලියන දහයක දඩමුදලක් නියම කිරීමේ බලයද පැවරේ.
ස්වාධීන නොවන ආයතනයකට අධිකරණමය බලයක් ප්රදානය කිරීම පොදු ජනතාවගේ අවධානයට බරපතළ ලෙස යොමුවිය යුතුය.පැන්ඩෝරා පත්‍රිකා, පැනමා පත්‍රිකා ආදියෙහි නම සඳහන් වන දේශපාලකයන් , ඔවුන්ගේ හිතවතුන් සිටින; බැඳුම්කර , ඉඩම් ගනුදෙනු, බදු වංචා පිළිබඳ ජනමාධ්‍ය මගින් කෙරෙන අනාවරණය කිරීම් හිසරදයක් වූ බලධාරීන් නිලධාරින් සිටින රටක තොරතුරු දැනගැනීමට ජනතාවට ඇති අයිතියටත්, තොරතුරු ප්‍රචාරය කිරීමට ජනමාධ්‍යයට ඇති හැකියාවටත් බාධා කෙරෙන ආකාරයෙන් දත්ත ආරක්ෂණ පනත සැකසී තිබීම බරපතළ උවදුරක් බව ජනතාව වටහා ගත යුතුය.

දත්ත ආරක්ෂණ පනතේ අවශ්‍යතාව පිළිගන්නා අතරම එහි අඩංගු භාෂණයේ සහ ප්රකාශනයේ නිදහසට බාධා කෙරෙන වගන්ති ආපසු හරවා ගැනීමට වහා ක්‍රියාමාර්ග ගත යුතුය. පවතින ආණ්ඩුව හෝ විපක්ෂයට ඒ සඳහා අවශ්‍යතාවක් ඇතැයි සිතිය නො හැකි වන්නේ ඔවුන් ගේ කිල්ලෝට වල ඇති ජනතාවගෙන් වසංකළ යුතු කූණු සඟවා ගැනීමට දත්ත ආරක්ෂණ පනත යොදා ගැනීමේ අරමුණ ඔවුන් සතු බව විශ්වාස කළ හැකි බැවිනි.
පනතේ අභියෝගය ඇත්තේ ජනතාවටය. පනත නිවැරදි කර ගැනීම සඳහා ජනමාධ්‍ය සංවිධාන සහ සිවිල් සංවිධාන මේවන විටත් ආරම්භ කර ඇති වැඩසටහන් සමඟ ප්රජාතන්ත්රවාදයට ගරුකරන පුරවැසියන් නො පමාව අත්වැල් බැඳ ගත යුතුය.
අනුර කේ එදිරිසූරිය