බස්නාහිර ඇඳිරි නීතිය දිගට ම ; කුරුණෑගලට , කුලියාපිටියට, ඇහැලියගොඩටත් දිගු වෙයි.

බස්නාහිර පලාතට පනවා තිබු ඇඳිරි නීතිය ලබන 9 වැනි දා , සඳුදා දක්වා දීර්ග කොට ඇත. කුරුණෑගල නගර සීමාවට , කුලියාපිටිය සහ ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශවලට ද හෙට සිට 9 වැනි දා දක්වා ඇඳිරි නීතිය පනවා තිබේ. ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසියට උපදෙස් දී ඇති බව ද රජය කියයි.

කොවිඩ් 19 ආසාදිත පොලිස් නිලධාරීන් 125ක් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ශ්‍රී ලංකා පොලීසියේ පොලිස් නිලධාරීන් 125 දෙනෙකුට මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අජිත් රෝහණ මහතා මේ බව පැවසුවේ අද (01) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදීය. මෙම ආසාදිත නිලධාරීන් වාර්තා වී තිබෙන්නේ දැනට නිරෝධායනයට ලක් කර තිබෙන අය අතුරින් බවයි අජිත් රෝහණ මහතා…

ඇමෙරිකාවේ ජනාධිපතිවරණය උණුසුම් ; කෝටි 9 ක් දැනට ම ඡන්දය දී ලා ; පසුගියවර ඡන්දය දුන් මුළු සංඛ්‍යාව කෝටි 13 යි

ඇමෙරිකාවේ මෙවර මැතිවරණය දැඩි උණුසුමකින් යුක්ත වී ඇති බවත් කෝටි 9 කට වැඩි පිරිසක් දැනටමත් ඡන්දය භාවිත කොට ඇති බවත් වාර්තා වෙයි. ඡන්දය කල්තබා භාවිතා කිරීමට ඇමෙරිකාවේ ඇති විධිවිධාන අනුව මෙලෙස කල් තබා ඡන්දය භාවිතාකිරීම සිදු වී තිබේ. මෙලෙස ඡන්දය භාවිතා වී ඇත්තේ ඡන්දයට තවත් දින තුනක් තිබිය දී ය. ඊයේ දිනය අවසන් වනවිට නව…

ශ්‍රී ලංකාව, ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් සහිත රටක්! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඔනෑම රජයක වගකීමක් වුවත්, ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහි එකම අපරාධයක් සම්බන්ධයෙන්වත් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් හිමි රටක ජීවත්වීමට සිදු වීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කණස්සල්ල පළ කර සිටී. මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බවට සඵත කරමින් බලයට පත් පසුගිය පාලන කාලය තුළ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ…

කොවිඩ් 19 ප්‍රතිකාරයේ දී “ඩෙක්ෂාමෙතසෝන් ” (dexamethazone) සාර්ථකයි – කොවිඩ් පර්යේෂණ ප්‍රධානී – ලෝක සෞඛ්‍ය සංවිධානය

කොවිඩ් 19 ප්‍රතිකාරයේ දී “ඩෙක්ෂාමෙතසෝන් ” (dexamethazone) සාර්ථකයි – කොවිඩ් පර්යේෂණ ප්‍රධානී – ලෝක සෞඛ්‍ය සංවිධානය

අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී ” ඩෙක්ෂාමෙතසෝන් ” (dexamethazone)  ඖෂධය සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් පර්යේෂණ අංශ ප්‍රධානී ආචාර්ය  මාරියා වැන් කර්කොෆ් මහත්මිය ප්‍රකාශ කරයි . ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ පැවත් වූ මාධ්‍ය සාකච්ඡාවක දී , කොවිඩ් පාලනයට ගත්  ක්‍රියාමාර්ග අතර සාර්ථක වී ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න…

අද තවත් කොවිඩ් 19 ආසාදිතයින් 239 ක්

අද සවස් වනවිට තවත් කොවිඩ් 19 ආසාදිතයින් 239ක් හඳුනාගෙන ඇති බව රජය නිවේදනය කරයි . ආසාදිතයින් 137ක් සොයාගත් බව සවස නිවේදනය කළ අතර තවත් 102ක් සොයාගත් බව රාත්‍රී නිවේදනය කළේ ය.

කොවිඩ් 19 එන්නත් පරීක්ෂණ සාර්ථකයි ; රටවල් 166 කට බෙදන්න පියවර – ලෝක සෞඛ්‍ය සංවිධානය

කොවිඩ් 19 එන්නත් පරීක්ෂණ සාර්ථකයි ; රටවල් 166 කට බෙදන්න පියවර – ලෝක සෞඛ්‍ය සංවිධානය

කොවිඩ් 19 රෝගයට එන්නත් සෙවීමේ පරීක්ෂණ ගණනාවකින් සාර්ථක ප්‍රතිඵල අත්ව ඇති බවත් , අන්තිම සායනික පරීක්ෂණ අවස්ථාවේ පවතින ඉන් කිහිපයක් කෙටි කලෙකින් භාවිතයට ගත හැකි වනු ඇති බවත් , ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්රෝස් අධනන් ගෙබ්‍රියාසුස් මහතා ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ය. මෙය අන්ධකාරය කෙලවර දකින ආලෝකයක් ලෙස විස්තර කළ ඒ…

ආණ්ඩුව නිසා අද අපට පාරක යන්න බෑ ලැජ්ජයි… ජනතාව හිනාවෙනවා.. ආණ්ඩුවට විරුද්දය සියළු දෙනා පෙලගස්සනවා..- මුරුත්තෙට්ටුවේ හිමි ආණ්ඩුවේ පතුරු අරී..

වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කිරීම ගැන තමන් වහන්සේ කනගාටු වන බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති. ආණ්ඩුවේ සිටින්නේ දෙපැත් නයි බවත් පිරිත් නූල් ගැට ගහන්න තම විහාරස්ථානය පැත්ත පළාතේ එන්න එපා යැයි ද උන්වහන්සේ කියා සිටියහ. අද වන විට ආණ්ඩුවේ නායකයන් ගේ වටේ ඉන්නේ වෙන වෙන අය බවත් තමන් වහන්සේලාට…

විසිවැනි කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට විසිවැනි කොවිඩ් මරණය අද වාර්තා වූ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙසේ මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවකි. දියවැඩියාව සහ වමනය රෝග සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අය ඊයේ මියගොස් ඇත. ඇගේ පී සී ආර් පරීක්ෂණ වාර්තාව ලැබී අත්තේ අද උදේ බව කියති. එමගින් ඇය කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වී…

අද දවසට අලුත් රෝගීන් 633 යි; පොකුර 7346 ට නගී ;සමස්තය 10,434 යි

අද දවස තුළ අලුතින් කොවිඩ් ආසාදිතයින් 633 දෙනකු හඳුනාගනු ලබා ඇත. සවස් වනවිට 314ක් වාර්තා වී තිබු අතර රාත්‍රී 10.00 වනවිට තවත් 319ක් හඳුනාගත් බව වාර්තා වීය. ඒ අනුව මිනුවන්ගොඩින් ආරම්භ වූ පොකුර මේ වනවිට 7346 ක් දක්වා ඉහල ගොස් ඇත. දිවයිනෙන් සොයාගත් සමස්ත ආසාදිත සංඛ්‍යාව 10,434 ක් වෙයි. මේ අතර කොළඹ මිරිහාන පොලිස් බල…

කොළඹ නගර සභා සීමාවෙන් රෝගීන් 1150 ක් හමුවෙලා – නගරාධිපතිනි රෝසි සේනානායක

කොළඹ නගර සභා සීමාවෙන් රෝගීන් 1150 ක් හමුවෙලා – නගරාධිපතිනි රෝසි සේනානායක

කොළඹ නගර සීමාව තුලින් කොවිඩ් 19 ආසාදිතයින් 1150 ක් සොයාගෙන ඇති බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ප්‍රකාශ කරයි. මෙම සඛ්‍යාව හමු වී ඇත්තේ පසුගිය දින 8 ක කාලය තුළ දී ය. මෙලෙස කොළඹ නගර සභා සීමාව තුළ කොවිඩ් ව්‍යාප්ත වීම නිසා එයට මුහුණදීමට නිරෝධායන මධ්‍යස්ථාන 35ක් සුදානම් කිරීමට තීරණය කොට ඇති බව නගරාධිපතිනිය කියයි….

දැන කොවිඩ් 19 පොකුරු පහක් හැදිලා ; තත්ත්වය භයානකයි – වෛද්‍ය නිලධාරෙන්ගේ සංගමය

මෙරටින් සොයගත් කොවී 19 පොකුරු සංඛ්‍යාව පහක් දක්වා වර්ධනය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි . මිනුවන්ගොඩ සහ පෑලියගොඩට අමතරව අගලවත්ත, කුලියාපිටිය සහ කහතුඩුව ප්‍රදේශයේ ද අලුත් පොකුරු නිර්මානය වී ඇති බව එම සංගමය කියයි . පෑලියගොඩ පොකුර බඳු තවත් එක පොකුරක් වර්ධනය වුවහොත් තත්ත්වය පාලනය කළ නොහැකි වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ…