ඇමෙරිකාවේ ජනාධිපතිවරණය උණුසුම් ; කෝටි 9 ක් දැනට ම ඡන්දය දී ලා ; පසුගියවර ඡන්දය දුන් මුළු සංඛ්‍යාව කෝටි 13 යි

ඇමෙරිකාවේ මෙවර මැතිවරණය දැඩි උණුසුමකින් යුක්ත වී ඇති බවත් කෝටි 9 කට වැඩි පිරිසක් දැනටමත් ඡන්දය භාවිත කොට ඇති බවත් වාර්තා වෙයි. ඡන්දය කල්තබා භාවිතා කිරීමට ඇමෙරිකාවේ ඇති විධිවිධාන අනුව මෙලෙස කල් තබා ඡන්දය භාවිතාකිරීම සිදු වී තිබේ. මෙලෙස ඡන්දය භාවිතා වී ඇත්තේ ඡන්දයට තවත් දින තුනක් තිබිය දී ය.

ඊයේ දිනය අවසන් වනවිට නව කෝටි තිස් පන් දහස් අටසිය එකොලොස් දෙනෙකු ( 90,035,811)  ඡන්දය පාවිච්චි කොට තිබුණි . එයේ 2016 දී භාවිතා වූ සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සියයට හැට හය ( 66% ) කි.

මීට පෙර පැවති අවසන් ජනාධිපතිවරණය වන 2016 දී භාවිත වූ සම්පුර්ණ ඡන්ද ප්‍රමාණය ආසන්න වශයෙන් කොටි 13 කි. ඉන් ඡන්ද හය කොටි පනස් අට ලක්ෂයක් හිමිකර ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් මහත්මිය සමත් වු අතර රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද හය කොටි විසිනව ලක්ෂයක් හිමිකර ගත්තේ ය. හිලරි ක්ලින්ටන් මහත්මිය වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්ත ද , එරට පවතින ඉලෙක්ටෝරල් කොලේජ් ක්‍රමය අනුව ජනාධිපති තනතුර ට පත් වුයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය .

එවර ජනමත විචාරන පෙන්නුම් කළේ හිලරි ක්ලින්ටන් ජය ගන්නා බව යි. කෙසේ වෙතත්, වැදගත් ප්‍රාන්තවල බලය හිමි කරගෙන ට්‍රම්ප් ජනාධිපති තනතුරට පත්වීය.

මෙවර ද ජනමත සමීක්ෂණ අනුව ඉදිර්යෙන් සිටින්නේ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ය. දැන් බොහෝ දෙනා ප්‍රශ්න කරන්නේ 2016 දී කළ දේ නැවත කරන්නට ට්‍රම්ප්ට  හැකිවේද යනුවෙනි,

ජනමත සමීක්ෂණ අනුව ජෝ බයිඩන් සියයට 5ක් සිට 8 ක් දක්වා ප්‍රමාණයකින් ඉදිරියෙන් සිටින බව පෙනෙන්නට ඇත. එය 2016 හිලරි ක්ලින්ටන්ට තිබුනාට වඩා පැහැදිලි වැඩි ඡන්ද ප්‍රමාණයකි.

ඡන්ද උණුසුම ඉහළ  යාම නිසා තමන්ට පක්ෂ ඡන්ද වැඩියෙන් භාවිතා කරවීමට දෙපාර්ශවය ම ක්‍රියාත්මක වී ඇත . කලතබා ඡන්දය භාවතාකිරීම වැඩිවීමට එය හේතු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *