කොවිඩ් 19 ආසාදිත පොලිස් නිලධාරීන් 125ක් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ශ්‍රී ලංකා පොලීසියේ පොලිස් නිලධාරීන් 125 දෙනෙකුට මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අජිත් රෝහණ මහතා මේ බව පැවසුවේ අද (01) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදීය.

මෙම ආසාදිත නිලධාරීන් වාර්තා වී තිබෙන්නේ දැනට නිරෝධායනයට ලක් කර තිබෙන අය අතුරින් බවයි අජිත් රෝහණ මහතා කියා සිටින්නේ.

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට සහ කුණ්ඩසාලේ පොලිස් විද්‍යාලයට නිරෝධායනය සඳහා අදාළ නිලධාරීන් යොමුකර තිබෙන අතර ආසාදිත බව තහවුරු වී ඇත්තේ එම මධ්‍යස්ථානවල සිටින අයගෙනි.

තවත් 400ක පමණ පිරිසක් සෘජු නිරෝධායනයට ලක්කර තිබෙන තර තවත් 2000කට ආසන්න පිරිසක් ඔවුන්ගේ බැරැක්කවලම රඳවා ඇති බවද සඳහන්.

ASK

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *