කොවිඩ් 19 ප්‍රතිකාරයේ දී “ඩෙක්ෂාමෙතසෝන් ” (dexamethazone) සාර්ථකයි – කොවිඩ් පර්යේෂණ ප්‍රධානී – ලෝක සෞඛ්‍ය සංවිධානය

අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී ” ඩෙක්ෂාමෙතසෝන් ” (dexamethazone)  ඖෂධය සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් පර්යේෂණ අංශ ප්‍රධානී ආචාර්ය  මාරියා වැන් කර්කොෆ් මහත්මිය ප්‍රකාශ කරයි .

ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ පැවත් වූ මාධ්‍ය සාකච්ඡාවක දී , කොවිඩ් පාලනයට ගත්  ක්‍රියාමාර්ග අතර සාර්ථක වී ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් ඇය වැඩි දුරටත් කීවේ , සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම , මුව වැසුම් පැලදීම , අත් සේදීම , මෙන් ම ඉක්මන් පරීක්ෂණ මගීන්  රෝගීන් හඳුනාගෙන හුදෙකලා කිරීම ආදී ක්‍රියාමාර්ග සාර්ථක වී ඇති බවයි.

මෙම ක්‍රියාමාර්ග එක එකක් වෙන ම සාර්ථක නොවන අතර ඒ සියල්ල එකට ක්‍රියාත්මක කළ යුතු ය.

කොවිඩ් ආසාදිතයන් නිවසේ ම හෝ වෙනත් ස්ථානයක නිරෝධායනය කළ යුතු බවත් , ඔවුන් නිරෝධායනය කරන්නේ ඔවුන්ගේ ආරක්ෂාවට නොව අන් අයගේ ආරක්ෂාවට බවත් කී ආචාර්ය මාරියා මහත්මිය නිරෝධායනය වන අයගේ සියලු අවශ්‍යතා සැලසීම සමාජයේත්, විශේෂයෙන් ම රජයේත් වගකීම බව පෙන්වා දුන්නේ ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *