කොවිඩ් 19 එන්නත් පරීක්ෂණ සාර්ථකයි ; රටවල් 166 කට බෙදන්න පියවර – ලෝක සෞඛ්‍ය සංවිධානය

කොවිඩ් 19 රෝගයට එන්නත් සෙවීමේ පරීක්ෂණ ගණනාවකින් සාර්ථක ප්‍රතිඵල අත්ව ඇති බවත් , අන්තිම සායනික පරීක්ෂණ අවස්ථාවේ පවතින ඉන් කිහිපයක් කෙටි කලෙකින් භාවිතයට ගත හැකි වනු ඇති බවත් , ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්රෝස් අධනන් ගෙබ්‍රියාසුස් මහතා ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ය. මෙය අන්ධකාරය කෙලවර දකින ආලෝකයක් ලෙස විස්තර කළ ඒ මහතා එන්නත් සාර්ථක වුවහොත් , දැන් මෙම වැඩ පිළිවෙලට දායක වී ඇති රටවල් 166 කට එය ලබාදීමට කටයුතු කරන බව ද කීවේ ය.

කෙසේ වෙතත් , එම තත්ත්වය උදා වන තෙක් දැනට කරගෙන යන කොවිඩ් පාලන කටයුතු වඩා විධිමත් කළ යුතු බවත් , රෝගීන් හඳුනාගැනීමත් , ඔවුන් හුදෙකලා කිරීමටත් පියවාගත යුතු බවත්  කී ඒ මහතා ඒ සඳහා පරීක්ෂණ වැඩිකළ යුතු බව ද අවධාරණය කළේ ය.

මෙම ප්‍රශ්නය දේශපාලනීකරණය නොකළ යුතු බවත් , සුබවාදී චින්තනයෙන් මිදී විද්‍යාව පිළිබඳව විශ්වාසය තබා ක්‍රියා කළ බවත්, පැවසු ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සාමුහික ප්‍රතිශක්තිකරණය ඇතිවනු ඇතැයි බලාපොරොත්තුවෙන් කටයුතු කළහොත් සිදුවන්නේ දශලක්ෂ ගණනක ජනතාවක් නිකරුනේ මියයාම බව ද පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *