ෂැන්ග්‍රිලා ප්‍රහාරය කළේ තව්හික් ජමාත් නායකයාමයි

ෂැන්ග්‍රිලා ප්‍රහාරය කළේ තව්හික් ජමාත් නායකයාමයි

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය කළේ තවුහික් ජමාත් සංවිධානයේ නායකයා විසින්ම බව තහවුරු වී ඇතැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ග කියයි . තවුහික් ජමාත් නායක මොහොමඩ් හෂීම් මොහොමඩ් අස්රාන් හෙවත් සහජාන් හෂීම් විසින්ම මෙම ප්‍රහාරය එල්ල කොට ඇත . අනෙක් ප්‍රහාරවලදී මරාගෙන මරුනේද සංවිධානයේ ඉහලම නායකයින් බවද ආරක්ෂක අංශ කියයි

පොලිසියට ලැබුණු තොරතුරු හමුදාවට දුන්නේ නැහැ –  යුද හමුදාපති

පොලිසියට ලැබුණු තොරතුරු හමුදාවට දුන්නේ නැහැ – යුද හමුදාපති

පසුගියදා සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් පොලිසියට ලැබී තිබු බුද්ධි තොරතුරු යුද හමුදාවට ලබා දී නැති බවත් , ශ්‍රී ලංකාවේ තිබෙන බුද්ධි අංශවල සන්නිවේදන සම්බන්ධතාවයක් නොමැති බවත් ඉදිරියේදි සෑම බුද්ධි අංශයක් අතරම මනා සම්බන්ධතාවයක් ඇති කිරීමට පියවර ගත යුතු බවත් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි. පොලිස් බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් දැනුවත් වී සිට ඇති බව…

ප‍්‍රහාර සැලැස්මේ තොරතුරු රාජ්‍ය බුද්ධි අංශයට ලැබිලා –  මොහොමඩ් සහරාන් හා ගෝලයින්ගේ තොරතුරු මෙන්න

ප‍්‍රහාර සැලැස්මේ තොරතුරු රාජ්‍ය බුද්ධි අංශයට ලැබිලා – මොහොමඩ් සහරාන් හා ගෝලයින්ගේ තොරතුරු මෙන්න

ජාතික තව්හීත් ජමාත්(National Thowheeth Jama’ath – NTJ) සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් කරන බවට රාජ්‍ය බුද්ධි සේවයෙන් දී තිබෙන වාර්තාවේ තොරතුරු සඳහන් වී ඇති හෙයින් ඒ පිළිබඳව දැඩි අවධානයකින් සිටින්නැයි විශේෂ ආරක්‍ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආරක්‍ෂක අංශ වෙත ඉකුත් 11 වැනිදා දැනුම් දී ඇත.මේ පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශයද පොලිස්පතිවරයා වෙත…

මේ සිදුවීම් පිළිකුලෙන් යුතුව හෙළාදකිනව අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්

මේ සිදුවීම් පිළිකුලෙන් යුතුව හෙළාදකිනව අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්

මේ ශිෂ්ඨාචාරයට අයිති දේවල් නෙමේ. මේ සිදුවීම් පිළිකුලෙන් යුතුව හෙළාදකිනව. මේවා ජාත්‍යන්තර සංවිධාන වල වැඩද දන්නෙ නෑ. ලේ පරිත්‍යාගශීලීන් ලේ ලබාදෙන්න ඉදිරිපත් වෙන්න. වෛද්‍යවරුන් නිවාඩු දිනය ගැන නොසලකා සේවයට වාර්තාකරන්න. අගදරගුරු මැල්කම් රංජිත් හිමිපාණන් එසේ ප්‍රකාශකළේ ඊයේ  කොළඹ කොච්චිකඩේ ශාන්ත මුණුද්‍රයාණන්ගේ පල්ලියේ දී දේවමෙහෙය සිදුවෙමින් පවතින අවස්ථාවේ සිදු වූ බෝම්බ පිපිරීමෙන් පසුව එම ස්ථානයට පැමිණීමෙන්…

පිපිරීම්වලින් මිය ගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළට-තුවාල ලැබු පිරිස 500ක්

පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවලකරුවන් 500ක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. මේ සම්බන්ධයෙන් සැකකරුවන් 24දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. දිවයින් පුරා ඊයේ (21) දිනයේ පිපිරීම් 8ක් සිදු විය. එමේන්ම ඊයේ රාත්‍රීයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ ආඩිඅම්බලම මාර්ගයේ තිබී පුපුරණ උපකරණයක් හමු වු…

මාස 5කින් ආරක්ෂක කවුන්සිලයට එජාපෙන් කිසිවෙකුත් කැඳවා නැහැ – හරින්

කොළඹ ස්ථාන කිහිපයක අද වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මීට සතියකට පමණ පෙර බුද්ධි අංශ විසින් දැනුවත් කර තිබූ බවට ලිපියක්ද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය විය. එහෙත් එම ලිපිය සම්බන්ධයෙන් දැනුවත් වූයේ අවාසනාවන්ත සිදුවීම් වලින් පසුව බව අමාත්‍යවරයා අවධාරණය කළේය. අවම වශයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා හෝ ඒ පිළිබඳ දැනුවත් වී නොමැති බවයි…

මොහොමඩ් ආශාම් මොහොමඩ් හෝටල් තුනේම ඉදලා ! – හැදුනුම්පත් අංකයත් එකමයි

එකම නමින් හා එකම හැදුනුම්පත් අංකය ඇති අමුත්තකු ඊයේ බෝම්බ පිපිරුණු හෝටල් තුනේම ලියාපදිංචිව සිටි බව ඊයේ හවස් වනවිට සොයාගෙන ඇත . මොහොමඩ් ආශාම් මොහොමඩ් (Mohomad Azzam Mohomad ) නමින් මෙම තැනැත්තා හෝටල් තුනේම රැදී සිට ඇත . හෝටල් හිමියන් හා සංචාරක ඇමති ජෝන් අමරතුංග මහතා අතර පැවති සාකච්චාවකදී මේ බව හෙළිදරවු වී තිබේ  ….

අද පෙරවරු 9.00ට ආරක්ෂක මණ්ඩල රැස්වීමක්

අද පෙරවරු 9.00ට ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ආරක්ෂක මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට කටයුතු කොට ඇත . එහිදී ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සාකාච්ඡා කිරීමට නියමිතය. කෙසේ වෙතත්දැනට ක්‍රියාත්මක  ආරක්ෂක වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වේ. ප්‍රවාහන සේවා ද  මේ වනවිට  යතා තත්වයට පත්වෙමින් ඇත.    

දිවි අහිමි වූවන්ට ගෞරව කරමින් අයිපල් කුළුණත් කළුවර වෙයි

අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරුදින ශ්‍රීලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට ශෝකය ප්‍රකාශ කිරීමටත් සිදුවූ ම්ලේච්ච ක්‍රියාව දැඩි ලෙස හෙළා දැකීමටත් ඉරුදින රාත්‍රී 12.00 ට අයිපල් කුළුනේ සියලුම විදුලි ආලෝකය නිවාදමනු ලැබිණ. මේ අතර පැරීසියේ වෙසෙන ශ්‍රීලාංකිකයෝ 21 වෙනි දින රාත්‍රියේ අයිපල් කුළුණ පරිශ්‍රයේදී සාමකාමී උද්ඝෝෂණණයක් පැවැත්වූහ. ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක, පූජ්‍ය…

ජනපති ආපසු එයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඉන්දීයාවේ සහ සිංගප්පූරුවේ සිදු කළ විදේශ සංචාරයන් නිමා කර ඊයේ (21) මධ්‍යම රාත්‍රී 12.00 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන්  ලංකාවට පැමිණියේය. (ටී.කේ.ජී.කපිල) ලංකාදීප

ඇඳිරි නීතිය අවසන්

ශ්‍රී  ලංකාවේ ස්ථාන 8 කදී ඊයේ (21) සිදුවූ බෝම්බ පිපිරීම් හේතුවෙන් දිවයින් පුරා පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6.00 ට ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

අද ප්‍රහාරවලින් මරණ 207යි ; තුවාලකරුවන් 400 ට වැඩියි -පොලිසිය

අද සිදුවූ බෝම්බ ප්‍රහාර නිසා සිදු වූ  මරණ සංඛය 207ක් බවත්   තුවාලකරුවන් 400 ට වැඩි බවත් පොලිසිය ප්‍රකාශ කර යි  . ප්‍රහාර සම්බන්දයෙන් සැකපිට 30ක ට වැඩි පිරිසක් මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කියයි . මේ අතර සමාජ ජාල  ක්‍රියා කාරිත්වය අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත .