මාස 5කින් ආරක්ෂක කවුන්සිලයට එජාපෙන් කිසිවෙකුත් කැඳවා නැහැ – හරින්
කොළඹ ස්ථාන කිහිපයක අද වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මීට සතියකට පමණ පෙර බුද්ධි අංශ විසින් දැනුවත් කර තිබූ බවට ලිපියක්ද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය විය.
එහෙත් එම ලිපිය සම්බන්ධයෙන් දැනුවත් වූයේ අවාසනාවන්ත සිදුවීම් වලින් පසුව බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
අවම වශයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා හෝ ඒ පිළිබඳ දැනුවත් වී නොමැති බවයි හරීන් ප්‍රනාන්දු මහතා සිටියේ.
මේ අනුව ජාතික ආරක්ෂාව අවධානමට ලක්ව ඇති අතර මෙහිදී යම් පැහැර හැරීමක් ඇත්නම් ඊට එරෙහිව ක්‍රියාත්මක විය යුතු බවද ඔහු පැවසීය.
විශේෂයෙන් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලය සතියකට වරක් රැස් විය යුතු අතර අවසන් වරට ආරක්ෂක කවුන්සිලය රැස් වූයේ කවදාද එහිදී සාකච්ජා කළේ මොනවා ගැනද යන්න සොයා බැලිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
