මොහොමඩ් ආශාම් මොහොමඩ් හෝටල් තුනේම ඉදලා ! – හැදුනුම්පත් අංකයත් එකමයි

එකම නමින් හා එකම හැදුනුම්පත් අංකය ඇති අමුත්තකු ඊයේ බෝම්බ පිපිරුණු හෝටල් තුනේම ලියාපදිංචිව සිටි බව ඊයේ හවස් වනවිට සොයාගෙන ඇත . මොහොමඩ් ආශාම් මොහොමඩ් (Mohomad Azzam Mohomad ) නමින් මෙම තැනැත්තා හෝටල් තුනේම රැදී සිට ඇත .

හෝටල් හිමියන් හා සංචාරක ඇමති ජෝන් අමරතුංග මහතා අතර පැවති සාකච්චාවකදී මේ බව හෙළිදරවු වී තිබේ  .

එකම නමකින් හා හැදුනුම්පත් අංකයකින් මෙලෙස පෙනී සිටියේ එක් අයකුද නැතහොත් කිහිප දෙනකු එකම නම හා හැදුනුම්පත් අංකය භාවිතා කළේද යන්න ගැන දැන් පරීක්ෂණ පවත්වන බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *