පොලිසියට ලැබුණු තොරතුරු හමුදාවට දුන්නේ නැහැ – යුද හමුදාපති
පසුගියදා සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් පොලිසියට ලැබී තිබු බුද්ධි තොරතුරු යුද හමුදාවට ලබා දී නැති බවත් , ශ්‍රී ලංකාවේ තිබෙන බුද්ධි අංශවල සන්නිවේදන සම්බන්ධතාවයක් නොමැති බවත් ඉදිරියේදි සෑම බුද්ධි අංශයක් අතරම මනා සම්බන්ධතාවයක් ඇති කිරීමට පියවර ගත යුතු බවත් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.
පොලිස් බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් දැනුවත් වී සිට ඇති බව ද හමුදාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටි අතර මෙම ප්‍රහාර සිදුකළ සංවිධානය මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට ජාත්‍යන්තර සහයක් ඇති බවද හඳුනා ගෙන ඇති බවද හමුදාපතිවරයා සඳහන් කරයි.
එමෙන්ම පුපුරණ ද්‍රව්‍ය පරික්ෂා කිරිමේදී ඒ බව තහවුරු වු බවයි ඔහු පවසන්නේ.
යුද හමුදාපතිවරයා කියා සිටියේ, මෙම අපරාධ වැලැක්වීම සඳහා යුද හමුදාවට බලය ලබාදෙන ලෙසට තමන් ඉල්ලිමක් කර ඇති බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවු අවස්ථාවේදි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් යුද හමුදාපතිවරයා කොළඹ බිෂොප් නිල නිවසේදී මේ බව සදහන් කළේය.
