හෙට කොරෝනා නිවාඩුවක්

හෙට දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇත . කොරෝනා රෝගීන් දහ දෙනකු ශ්‍රී ලංකාව තුලින් සොයා ගැනීමත් සමග ආණ්ඩුව මෙම තීරණය ගෙන ඇත . එමෙන්ම දිවයිනේ සියලු සත්වොද්යාන ද දින දාහතරකට වසා දමා ඇත . මහජනයා විශාල වශයෙන් රැස්වන උත්සව හා රැස්වීම් ද සති දෙකකට තහනම් කොට තබේ.

ට්‍රම්ප්ට කොරෝනා නෑ !

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.   ඉකුත් සිකුරාදා(13) දිනයේදී මෙම වෛද්‍ය පරීක්ෂණය සිදු කළ බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමෙරිකානු ජනපතිවරයා පැවසීය.   ‘බ්‍රසීල ජනපති සමඟ භෝජන සංග්‍රහයක් පවත්වා සතියක් ගතවූ නමුත් ජනපතිවරයා යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවෙනවා. පසුගිය දිනවලදී …

ඉන්ධන මිල අඩුකිරීම වෙනුවට ජනපතිගෙන් ජනතාවට පරිප්පු !

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩුවීමේ සහනය ජනතාවට ලබාදීම සඳහා මෙරට ඉන්ධන මිල අඩුකිරීම වෙනුවට පරිප්පු මිල සහ විදුලි බිල් අඩුකිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම්වරයාට නියම කර තිබේ.  ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පසුගිය මාස තුන තුළ 50%කට ආසන්න අගයකින් අඩුවී තිබෙන අතර එම සහනය ශ්‍රී ලංකාවේ ජනතාවට ද ලබාදෙන ලෙස දසතින්…

සාෆි විකුණුවත් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකට නාමයෝජනා නෑ. රැකියාවත් නැතිවෙන ලකුණු !

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ, පැලෝපීය විශේෂඥ, දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා ලබාගැනීමට ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර තිබුණ ද ඔහුට නාමයෝජනා ලබානොදීමට එම පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.  වෛද්‍ය සාෆි සම්බන්ධ සිදුවීමේදී දන්ත වෛද්‍යවරයකු ලෙස ප්‍රසව හා නාරිවේදය සම්බන්ධයෙන් විශේෂ දැනුමක් නොතිබුණ ද පැලෝපීය නාල සම්බන්ධ විශේෂඥයකු ලෙස…

රුපියලත් බහී

ශ්‍රී ලංකා රුපියල ද ඊයේ ඉතිහාසයේ වාර්තාගත අවම අගය සටහන් කරමින් අවප්‍රමාණ වීය . ඊයේ සවස රුපියලේ අගය සටහන් වුයේ ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 185.09ක් වශයෙනි . ඩොලරයේ අගය රුපියල් 185 ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව මෙය වෙයි. මෙය කොරෝනා වයිරසයේ බලපෑමක් බව මහ බැංකු ආරංචි මාර්ග කියයි. කෙසේවෙතත් , මේ වනවිට කොරෝනා හෙවත් කොවිඩ් 19 රෝගයෙන් …

කොළඹ කොටස් වෙළෙදපොළට ඊයේත් රුපියල් කොටි 860ක පාඩුවක්

කොළඹ කොටස් වෙළෙදපොළේ කොටස් මිලවෙගයෙන් පහත වැටීම නිසා ඊයේ දිනයේ රුපියල් කොටි 860ක පාඩුවක් සිදු වූ බව වාර්තා වෙයි . දිනය අවසන් වනවිට කොළඹ කොටස් වෙළෙදපොළ කොටස් මිල දර්ශකය ඒකක 5009ක් ලෙස සටහන් වූ අතර එය වසර අටකින් පසු වාර්තා වූ අඩුම අගයයි. කොටස් මිල දර්ශකයේ වේගවත් කඩා වැටීමක් නිසා කොළඹ කොටස් වෙළෙදපොළ ගනුදෙනු ඊයේ…

රොෂාන් රණසිංහගේ නායකත්වයෙන් හිටපු ජනපති මෛත්‍රී ඡන්දයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්තික් නායක රොෂාන් රණසිංහ මහතාගේ නායකත්වයෙන් මැතිවරණය තරග කිරීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නාමයෝජනා පත්‍රයට ඊයේ අත්සන් තැබීය. ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයේ සභාපති තනතුර දැරුව ද මෛත්‍රීපාල සිරිසේන මහතාට දිස්ත්‍රික් නායකත්වය ලබා දී නැත. සන්ධානයේ සම නායකත්වය හා පොදු ලකුණක් සම්බන්ධයෙන් ශ්‍රීලනිපය මීට පෙර කළ ඉල්ලීම් ද…

විනය කඩකළ සොයිසා ශ්‍රීලනිපයෙන් නෙරපයි

විනය කඩකිරීම සම්බන්ධයෙන් වරදකරුවන්වූ හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි විජිතමුණි සොයිසා මහතා සහ තවත් ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් පක්‍ෂයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යමකාරක සභාව අද (12) තීරණය කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ එම පක්‍ෂයේ මධ්‍යමකාරක සභාව විසින් මෙම තීරණය ගත් බව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති…

කොළඹ කොටස් වෙළෙඳපොළ අද යලි කඩා වැටේ !

කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු අද යලිත් අත් හිටවනු ලැබීය. මිල දර්ශක සියයට 5 කට වැඩි ප්‍රමාණයකින් පහත වැටීම නිසා මෙලෙස ගනුදෙනු නතර කොට ඇත. වසර දහයකට පසු මෙබදු කඩා වැටීමක් පළමුවරට වාර්තා වුයේ පසුගිය සදුදාය. අද සිදු වූ කඩා වැටීමත් සමග එක ම සතියක් තුළ දෙවතාවක් කොටස් වෙළෙඳපොළ වසතබීමට සිදු වී තිබේ . මෙය ශ්‍රී…

තනියම ඉල්ලන්නැයි ශ‍්‍රීලනිප අපව එලවනවා.. වියත්මගටත් ගහනවා.. මෙහෙම ආණ්ඩු කරන්න පුළුවන්ද..- දයාසිරි

අද වනු ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දුන් පොරොන්දු සියල්ල බිඳ දමන තත්වයකට පත්ව ඇති බව එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. කැමතිනම් තනියම මැතිවරණයට තරග කරන්නැයි කියා සිටින තරමට එය දුරදිග ගොස් ඇතැයිද ඔහු පැවසීය. එම තත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් නොව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු වියත්මග සංවිධානයට ඒ ආකාරයෙන්ම සිදුව…

ගොඨාභය පාලනයේ දින සීයට කොටස් වෙළෙදපොළ ඒකක දාහකින් බසියි!

ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වී දින සියයක් ගතවන විට කොළඹ කොටස් වෙළෙදපොලේ සියලු කොටස් මිල දර්ශකයේ එකක දාහක වාර්තාගත පහත වැටීමක් පෙන්නුම් කර ඇත . 2019 නොවැම්බර් 18 දා එකක 6129.56 ක්ව පැවති කොළඹ කොටස් මිල දර්ශකය 2020 මාර්තු 10දා සටහන් වුයේ එකක 5129.91ක් වශයෙනි . එය ඒකක 1007.65ක අති විශාල පසු බැස්මකි. ගොඨාභය රාජපක්ෂ…

ඉවසුවේ දුර්වල නිසා නොවේ ; ගැටෙන්න එපා කියා නායකතුමා කී නිසා – වජිර අබේවර්ධන

කිසිදු විනයක් නැතිව, ඇගේ හයියෙන්, කටේ හයියෙන් දේශපාලනය කරන්න හදන අය පරාජය කිරීමට ජනතාව පියවර ගත යුතු බව එජාප හිටපු මන්ත්‍රී වජිර අබේය්වර්ධන මහතා පවසයි . මෙම පිරිසගේ වැඩ මෙතෙක් ඉවසා සිටියේ දුර්වලකමක් නිසා නොව ගැටුම් ඇතිකර නොගෙන එක්ව ගමනක් යාමට කටයුතු කරන ලෙස නායක තුමා උපදෙස් දී තිබු නිසා බවද එඒ මහතා කීය. එළැඹෙන…