ගොඨාභය පාලනයේ දින සීයට කොටස් වෙළෙදපොළ ඒකක දාහකින් බසියි!

ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වී දින සියයක් ගතවන විට කොළඹ කොටස් වෙළෙදපොලේ සියලු කොටස් මිල දර්ශකයේ එකක දාහක වාර්තාගත පහත වැටීමක් පෙන්නුම් කර ඇත .
2019 නොවැම්බර් 18 දා එකක 6129.56 ක්ව පැවති කොළඹ කොටස් මිල දර්ශකය 2020 මාර්තු 10දා සටහන් වුයේ එකක 5129.91ක් වශයෙනි . එය ඒකක 1007.65ක අති විශාල පසු බැස්මකි.
ගොඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වූ විට කොළඹ කොටස් වෙළද පළේ විශ්වාසය ඉහල යනු ඇතැයි විශවාසයක් මුල දී පැවතිය ද දැන් පෙනී යන්නේ ව්යාපාරික විශ්වාසය බරපතල ලෙස බිඳ වැටී ඇති බවයි .
පසුගිය සදුදා කොටස් වෙලදපොලේ සිදු වූ බරපතළ බිද වැටීමත් සමග මෙම තත්ත්වය තවත් තහවුරු වී ඇත .
