තනියම ඉල්ලන්නැයි ශ‍්‍රීලනිප අපව එලවනවා.. වියත්මගටත් ගහනවා.. මෙහෙම ආණ්ඩු කරන්න පුළුවන්ද..- දයාසිරි

තනියම ඉල්ලන්නැයි ශ‍්‍රීලනිප අපව එලවනවා.. වියත්මගටත් ගහනවා.. මෙහෙම ආණ්ඩු කරන්න පුළුවන්ද..- දයාසිරි

අද වනු ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දුන් පොරොන්දු සියල්ල බිඳ දමන තත්වයකට පත්ව ඇති බව එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

කැමතිනම් තනියම මැතිවරණයට තරග කරන්නැයි කියා සිටින තරමට එය දුරදිග ගොස් ඇතැයිද ඔහු පැවසීය.

එම තත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් නොව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු වියත්මග සංවිධානයට ඒ ආකාරයෙන්ම සිදුව ඇති බවද කියා සිටී.

අද සන්ධාන කතා පැත්තකට විසි කර දමා ඇත්තේ එක එක මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශයන් නිසා බවද මේ ආකාරයෙන් එක් ආණ්ඩුවක දෙපිරිසක් ගහ ගන්නා විට ජනතාව වික්ෂිප්ත භාවයට පත්වන බවද පැවසීය.

ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

LANKACNEWWS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *