කොළඹ කොටස් වෙළෙඳපොළ අද යලි කඩා වැටේ !

කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු අද යලිත් අත් හිටවනු ලැබීය. මිල දර්ශක සියයට 5 කට වැඩි ප්‍රමාණයකින් පහත වැටීම නිසා මෙලෙස ගනුදෙනු නතර කොට ඇත.

වසර දහයකට පසු මෙබදු කඩා වැටීමක් පළමුවරට වාර්තා වුයේ පසුගිය සදුදාය. අද සිදු වූ කඩා වැටීමත් සමග එක ම සතියක් තුළ දෙවතාවක් කොටස් වෙළෙඳපොළ වසතබීමට සිදු වී තිබේ .

මෙය ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මීට පෙර සිදු වී නැතැයි කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *