කොළඹ කොටස් වෙළෙදපොළට ඊයේත් රුපියල් කොටි 860ක පාඩුවක්

කොළඹ කොටස් වෙළෙදපොළේ කොටස් මිලවෙගයෙන් පහත වැටීම නිසා ඊයේ දිනයේ රුපියල් කොටි 860ක පාඩුවක් සිදු වූ බව වාර්තා වෙයි .
දිනය අවසන් වනවිට කොළඹ කොටස් වෙළෙදපොළ කොටස් මිල දර්ශකය ඒකක 5009ක් ලෙස සටහන් වූ අතර එය වසර අටකින් පසු වාර්තා වූ අඩුම අගයයි.
කොටස් මිල දර්ශකයේ වේගවත් කඩා වැටීමක් නිසා කොළඹ කොටස් වෙළෙදපොළ ගනුදෙනු ඊයේ දහවල් නතර කොට තිබිණි .
