විදුලි ගාස්තු වැඩිකිරීම කැබිනට් අනුමැතියෙන් පසු උපයෝගිතා කොමිසමට

  විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට යවනු ලබන්නේ  කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසුව බවත්, එවිට එය ක්‍රියාත්මක කිරීමට උපයෝගිතා කොමිසම නීතියෙන් බැඳී සිටින බවත්, නීතිපතිවරයාගේ උපදෙස් මත ගන්නා මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග සාර්ථක නොවනු ඇති බවත්, විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. විදුලි ගාස්තු සංශෝධන අනුමත කිරීමේ බලය මහජන උපයෝගිතා…

තව ඇමැතිවරු කිහිපදෙනෙක් ජනවාරියේ පත්වෙති

  තවත් ඇමතිවරු කිහිප දෙනෙකු ජනවාරි මාසයේ පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ආණ්ඩුවට සම්බන්ධ වීමට කැමැත්ත ප්‍රකශ කොට තිබු විපක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු මෙලෙස පත්වීම් ලබනු ඇතැයි කියති. මෙහි දී ස්වදේශ කටයුතු ඇමති ධුරය වජිර අබේවර්ධන මහතාට හිමිවනු ඇතැයි ද , ජානාධිපති රනිල්…

විදුලිය කැපීම ජනවාරියෙන් අවසන් !

  ඇනවුම් කොට ඇති ගල් අඟුරු නැව් පැමිණීම ආරම්භවීමෙන් පසු  සහ විදුලි ගාස්තු වැඩි කිරීමෙන් පසු විදුලිය කපාහැරීම අවසන් කළ හැකි වන බවත්, ඒ අනුව ජනවාරි මාසයෙන් පසු විදුලි කැපීම අවසන් වනු ඇති බවත්, විදුලිබල අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. උසස් පෙළ විභාග පැවැත්වෙන පෙබරවාරි මාසය වන විට විදුලි කැපීම අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

මැතිවරණයකට මුදල් දෙන්න කිසිදු හැකියාවක් නැහැ – මුදල් අමාත්‍යාංශය

  රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමට, විශ්‍රාම වැටුප් ගෙවීමට සහ සමෘද්ධි ගෙවීමට රජයේ මුදල් ප්‍රමාණවත් බව ප්‍රකාශ කරන අතරම මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම කළ නොහැකි කාර්යයක් බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ඊයේ ප්‍රකාශ කළේය. “රටේ ආර්ථිකය ක්‍රමානුකූලව පණ ගැන්වීමට කටයුතු කරනවා. මේ පියවරවල ප්‍රතිඵල පෙනෙන්නේ 2023 මාර්තු මාසයේදීයි. මේ මොහොතේ මැතිවරණයකට මුදල් වෙන් කළොත් ආර්ථිකය තවත් විනාශ වෙනවා,”…

අඹේවෙල පෞද්ගලිකකරණයේ ප්‍රගතිය ජනපති නිරීක්ෂණය කරයි

  2001 වසරේ දී  පෞද්ගලීකරණය කරන ලද අඹේවෙල ගොවිපලෙහි නිරීක්ෂණ සංචාරයක යෙදුනු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලීකරණයෙන් පසු ගොවිපොළ ලබාගෙන ඇති ප්‍රගතිය නිරීක්ෂණය කළේය. මෙම කාලය තුල ගොවිපලේ කිරි නිෂ්පාදනය දිනකට ලීටර් 1500 සිට 40,000 දක්වා ඉහළ ගොස් ඇති බවත්, එළදෙනෙකුගෙන් දිනකට ලබාගන්නා කිරි ප්‍රමාණය ලීටර් 9 ක සිට ලීටර 30 ක් දක්වා ඉහළ ගොස්…

ආශු මාරසිංහ ඉල්ලා අස් වුණේ බලු කතාව නිසා නොවේ !

  පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ ජනාධිපති උපදේශක තනතුරින් මහාචාර් ය ආශු මාරසිංහ මහතා ඉල්ලා අස් වුයේ ඔහුට එල්ල වූ බලු චෝදනාව නිසා නොවන බවත්, බලු චෝදනාව ඉදිරිපත් කළේ ඔහු ඉල්ලා අස්වීමෙන් වෙනත් ආකාරයක දේශපාලන වාසියක් අපේක්ෂාවෙන් විය යුතු බවත්, තතු දත් දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. බලු චෝදනාව එල්ල කරන ලද්දේ මාරසිංහ මහතා ඉල්ලා අස්වීම ප්‍රකාශයට…

ආර්දශාගේ කිතිකැවෙන හඬ පටයට බුද්ධික උත්තර දෙයි (වීඩියෝ)

  ආශුමාරසිංහ සුනඛයකුට ලිංගික අතවර කළැයි මාධ්‍යයට හෙළි කළ ආදර්ශා කරදනගේ තවත් හඩපටයක් මේ වන විට සමාජමාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වේ. ආදර්ශා, බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා සමග කළැයි කියන ශුංගාරාත්මක සංවාදයක හඩපටයක් එහි ඇතුළත් වේ. ‘‘ බුද්ධික පතිරණ සමග ආදර්ශා සැමරූ නත්තල් පාටිය‘‘ යන සිරස්තලයෙන් යුතුව හුවමාරුවන මෙම හඩපටය සම්බන්ධයෙන් බුද්ධික පතිරණ මත්‍රීවරයා අද සවස අරුණට කතා කලා. එම…

ඖෂධ මිලදී ගැනීමේදී ජනාධිපති මඟහැර නෑ – සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

  මුදල් අමාත්‍යවයා වන ජනාධිපතිවරයා මඟහැර ඉන්දියානු සමාගමකින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරන්නේ යැයි පළවූ වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ඉන්දීය ණය යටතේ ඖෂධ මිලදී ගැනීමට මුදල් අමාත්‍යවරයා හරහා කැබිනට් අනුමැතිය ලබාගත් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (28) පැවසීය. ඖෂධ මිලදී ගැනීම සෞඛ්‍ය අමාත්‍යවරයාට තනි මතයට කළ නොහැකි සෞඛ්‍ය ලේකම්, රාජ්‍ය ඖෂධ…

පොලී අනුපාත අඩුවන බව භාණ්ඩාගාර බිල්පත් අලෙවියෙන් පෙනී ගියා – ශ්‍රී ලංකා බිස්නස් ටීවී

ඉදිරි කාලයේ බැංකු පොලී අනුපාත අඩුවන බව ශ්‍රී ලංකා මහා බැංකුවේ තක්සේරුව වී ඇතැයි අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් පෙනී ගිය බව ශ්‍රී ලංකා බිස්නස් ටීවී ආර්ථික විශ්ලේෂක ජයන්ත කෝවිල ගොඩගේ මහතා ප්‍රකාශ කරයි. මෙම වෙන්දේසියේ දී පොලි අනුපාතවල ඉතා සුළු පහළ යාමක් පමණක් පෙන්නුම් කළ ද මස හයේ සහ අවුරුද්දේ බිල් පත අඩු ප්‍රමාණයක්…

|

ආෂු ගැන බලු කතාවක් කියූ කාන්තාවගේ පැටිකිරිය මෙන්න ! – (වීඩියෝ)

ආෂු මාරසිංහ පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යයට ප්‍රධාන මාතෘකාවක් වෙලා තිබුණා. ඒ සුනඛයෙකු සම්බන්ධයෙන් ආෂු මාරසිංහ පිළිබඳව එළියට ආපු කතාබහක් හේතුවෙන්. ඇත්තටම මේ කතාව ඇත්තක්ද ? ඒ ප්‍රශ්නෙට උත්තරෙත්, මහින්දටත් නොකියා රට ගිය ගෝඨා ඇතුලු දේශපාලන ලෝකයේ තිරය පිටුපස තවත් කතා ඇතුලත් මේ සතියේ නෙත් නිවුස් කණින් කොනින් ඇසුණු කතා සම්පූර්ණ වැඩසටහන පහතින් බලන්න.

ඡන්දෙට සල්ලි දුන්නොත් ගොඩගත් ආර් ථිකයත් වතුරේ – මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියයි

  රජයේ මාසික ආදායම රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි දීමනා ගෙවීම සඳහා පමණක්  ප්‍රමාණවත් ව තිබෙන පසුබිමක් යටතේ මැතිවරණයක් තැබුවහොත් ආර්ථික අර්බුදය තවත් උග්‍ර වී රට  ගොඩගත නොහැකි තත්ත්වයකට ඇද වැටෙනු ඇතැයි මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. පවතින මූල්‍ය අර්බුදය විසඳීම සඳහා  ක්‍රමානුකූලව පියවර ගෙන තිබෙන බව කී මුදල් අමාත්‍යාංශ නිලධරයා ලබන වසරේ…

ගල් අඟුරු නැව් තිහක් මාර් තු 31 ට පෙර එයි ; ජනවාරියේ හතක්

  ලබන ජනවාරි 1 සහ මාර් තු 31 අතර කාලයේ ගල් අඟුරු නැව් 33 ක් ගෙන්වා ගැනීමට සැලසුම් කොට ඇති බවත් එයින් නැව් 30 ක් අනිවාර්යයෙන් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා අද ප්‍රකාශ කළේය. ජනවාරි මාසය තුළ ගෙන්වා ගැනීමට සැලසුම් කොට ඇති නැව් සංඛ්‍යාව හතකි. ප්‍රථම නැව්…