මැතිවරණයකට මුදල් දෙන්න කිසිදු හැකියාවක් නැහැ – මුදල් අමාත්‍යාංශය

 

රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමට, විශ්‍රාම වැටුප් ගෙවීමට සහ සමෘද්ධි ගෙවීමට රජයේ මුදල් ප්‍රමාණවත් බව ප්‍රකාශ කරන අතරම මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම කළ නොහැකි කාර්යයක් බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ඊයේ ප්‍රකාශ කළේය.

“රටේ ආර්ථිකය ක්‍රමානුකූලව පණ ගැන්වීමට කටයුතු කරනවා. මේ පියවරවල ප්‍රතිඵල පෙනෙන්නේ 2023 මාර්තු මාසයේදීයි. මේ මොහොතේ මැතිවරණයකට මුදල් වෙන් කළොත් ආර්ථිකය තවත් විනාශ වෙනවා,” ඔහු පැවසීය.

“රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් මිලියන 93,000ක්, විශ්‍රාම වැටුප් සඳහා රුපියල් මිලියන 26,500ක් සහ සමෘද්ධි ගෙවීම් සඳහා රුපියල් මිලියන 6,000ක් වෙන් කර තිබෙනවා. ඊට අමතරව ත්‍රිවිධ හමුදාවේ සුබසාධනය සඳහා රුපියල් මිලියන 2000ක් සහ ඒ. තවත් සමාජ ආරක්ෂණ අරමුණු සඳහා රුපියල් මිලියන 3,500 ක්,” ඔහු වැඩිදුරටත් පැවසීය.

“ආර්ථිකය ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කරන්නේ 2023 මාර්තු වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබා ගතහොත් පමණි” යනුවෙන්ද ඔහු පැවසීය.

Daily Mirror

Leave a Reply

Your email address will not be published. Required fields are marked *