තව ඇමැතිවරු කිහිපදෙනෙක් ජනවාරියේ පත්වෙති

තවත් ඇමතිවරු කිහිප දෙනෙකු ජනවාරි මාසයේ පත් කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග ප්රකාශ කරයි.
ආණ්ඩුවට සම්බන්ධ වීමට කැමැත්ත ප්රකශ කොට තිබු විපක්ෂයේ ප්රබලයින් කිහිප දෙනෙකු මෙලෙස පත්වීම් ලබනු ඇතැයි කියති.
මෙහි දී ස්වදේශ කටයුතු ඇමති ධුරය වජිර අබේවර්ධන මහතාට හිමිවනු ඇතැයි ද , ජානාධිපති රනිල් වික්රමසිංහ මහතා බලාපොරොත්තු වන පරිදි 75 වන නිදහස් දින සමරුව සංවිධානය කිරීම ඒ මහතාට පවරනු ඇතැයි ද අපගේ ආරංචි මාර්ග කියයි.
ස්වදේශ කටයුතු අමාත්යංශය වජිර අබේවර්ධන මහතාට හුරු පුරුදු අමාත්යංශයකි.
සම්පුර් න කැබිනට් සංශෝධනයක් කිරීම රටේ ආර්ථික තත්ත්වය වඩා යහපත් වන තෙක් කල් දැමිය යුතු බව රනිල් වික්රමසිංහ ජනාධිපතිතුමාගේ අදහස වී ඇති නමුත්, තවත් කල් දැමිය නොහැකි පත්කිරීම් කිහිපයක් මේ අවස්ථාවේ සිදු කිරීම ඒ මහතාගේ අරමුණ වී ඇතැයි කියති.
කෙසේ වෙතත්, ඇතැම් ඇමතිවරුන්ට වැඩ කටයුතු අධික වීම නිසා සිදුවන ප්රමාදයන් මගහැර ගත යුතු බව ද රජයේ ප්රබලයින් විසින් පෙන්වා දෙනු ලැබ ඇත.
