විදුලි ගාස්තු වැඩිකිරීම කැබිනට් අනුමැතියෙන් පසු උපයෝගිතා කොමිසමට

 

විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට යවනු ලබන්නේ  කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසුව බවත්, එවිට එය ක්‍රියාත්මක කිරීමට උපයෝගිතා කොමිසම නීතියෙන් බැඳී සිටින බවත්, නීතිපතිවරයාගේ උපදෙස් මත ගන්නා මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග සාර්ථක නොවනු ඇති බවත්, විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

විදුලි ගාස්තු සංශෝධන අනුමත කිරීමේ බලය මහජන උපයෝගිතා කොමිසමට ලබා දී තිබුණ ද කැබිනට මණ්ඩලයේ ප්‍රතිපත්ති තීරණ ක්‍රියාත්මක කිරීමට කොමිසම නීතියෙන් බැඳී සිටින බව කියති. රජය ක්‍රියා කරන්නේ එම නීතිමය ප්‍රතිපාදන අනුව ය.

මේ අතර කොමිසමේ සභාපතිගේ ක්‍රියා කලාපය තමන් අනුමත නොකරන බව කොමිසමේ සෙසු සාමාජිකයින් ප්‍රකාශ කරන බව ද දැන ගන්නට ඇත. ඔවුන් කියන්නේ කොමිසමේ රැස්වීම්වල මුලසුන දැරීමේ බලය මිස සභාපතිට විශේෂ බලයක් පනත මගින් ලබාදී නැති බව යි.

කොමිසමේ සභාපතිට ඇති ලැදියාවන්ගේ ගැටුම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර් ලිමෙන්තුවේ දී පෙන්වා දී ඇතත්, එම ලැදියා ගැටුම නොතකා සභාපතිවරයා තව දුරටත් කටයුතු කරන බවට ද චෝදනා නැගී ඇත. තමන්ට එබඳු ලැදියා ගැටුමක් ඇති බව සභාපතිවරයා පිළිගෙන ඇති නමුත් ඔහු එයින් මිදී කටයුතු කිරීමට සුදානම් නැති බව පෙන්නුම් කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *