ආශු මාරසිංහ ඉල්ලා අස් වුණේ බලු කතාව නිසා නොවේ !

පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ ජනාධිපති උපදේශක තනතුරින් මහාචාර් ය ආශු මාරසිංහ මහතා ඉල්ලා අස් වුයේ ඔහුට එල්ල වූ බලු චෝදනාව නිසා නොවන බවත්, බලු චෝදනාව ඉදිරිපත් කළේ ඔහු ඉල්ලා අස්වීමෙන් වෙනත් ආකාරයක දේශපාලන වාසියක් අපේක්ෂාවෙන් විය යුතු බවත්, තතු දත් දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
බලු චෝදනාව එල්ල කරන ලද්දේ මාරසිංහ මහතා ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කොට පැය කිහිපයකින් පසුව ය.
ආශු මාරසිංහ මහතාගේ ප්‍රකාශ සහ ක්‍රියා කිහිපයකින් ජනාධිපතිතුමා අපහසුතාවයට පත්වීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාරසිංහ මහතාට ඉල්ලා අස්වන ලෙස උපදෙස් දී ඇතැයි අපගේ ආරංචි මාර්ග කියයි.
මහ බැංකු අධිපතිවරයා ජනාධිපති අපේක්ෂක වීම ඉලක්ක කොටගෙන ක්‍රියාකරන බවට මාරසිංහ මහතා රුපවාහිනී නාලිකාවක වැඩ සටහනක දී කළ ප්‍රකාශයක් නිසා ජනාධිපතිතුමා අපහසුතාවයට පත් වූ අතර ආශු මාරසිංහ මහතා එම ප්‍රකාශය කොන්දේසි විරහිතව ඉල්ලා අස්කර ගත්තේ ජනාධිපතිතුමාගේ දොශාරෝපනයකින් පසුව බව කියති.
පාර් ලිමෙන්තුවේ ජනාධිපති කාමරයට අනවශ්‍ය ගෘහ උපකරණ පෞද්ගලික සමාගමකින් සැපයීමේ සිදුවීම ගැන ද මාරසිංහ මහතාට චෝදනා එල්ල වී තිබිණි.
මාරසිංහ මහතාගේ වෙනත් ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් ද ප්‍රශ්න මතු වී තිබු බව කියති.
අපගේ ආරංචි මාර්ග කියන්නේ මෙබඳු ප්‍රශ්න මත ආශු මාරසිංහ මහතා තනතුරින් ඉවත්වීමත් සමග සිද්ධිය වෙනතක හැරවීමට විපක්ෂය බලු චෝදනාවක් කරලියට ගෙනා බව යි.
