පොලී අනුපාත අඩුවන බව භාණ්ඩාගාර බිල්පත් අලෙවියෙන් පෙනී ගියා – ශ්‍රී ලංකා බිස්නස් ටීවී
ඉදිරි කාලයේ බැංකු පොලී අනුපාත අඩුවන බව ශ්‍රී ලංකා මහා බැංකුවේ තක්සේරුව වී ඇතැයි අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් පෙනී ගිය බව ශ්‍රී ලංකා බිස්නස් ටීවී ආර්ථික විශ්ලේෂක ජයන්ත කෝවිල ගොඩගේ මහතා ප්‍රකාශ කරයි.
මෙම වෙන්දේසියේ දී පොලි අනුපාතවල ඉතා සුළු පහළ යාමක් පමණක් පෙන්නුම් කළ ද මස හයේ සහ අවුරුද්දේ බිල් පත අඩු ප්‍රමාණයක් ගෙන මාස තුනේ බිල්පත වැඩි ප්‍රමාණයක් සඳහා ලන්සු භාර ගැනීමට මහ බැංකුව ක්‍රියා කොට ඇත.
මස තුනේ බිල්පත බිලියන පනහක් වෙන්දේසියට ඉදිරිපත් කොට තිබු අතර ඒ සඳහා බිලියන 112 ක ලන්සු ඉදිරිපත් වී තිබිණි. එයින් බිලියන 84 ක් භාර ගැනීමට මහා බැංකුව කටයුතු කළේය.
මාස හයේ බිල්පත් බිලියන 25 ක් ඉදිරිපත් කොට තිබු අතර ලැබුණු ලන්සු ප්‍රමාණය බිලියන 34 කි. මහා බැංකුව භාර ගත්තේ බිලියන 8 ක් පමණකි.
වසරක බිල්පත බිලියන 13 ක් ඉදිරිපත් කොට තිබු අතර ලැබුණු ලන්සු ප්‍රමාණය බිලියන 24 කි. භාරගත් ප්‍රමාණය බිලියන7 කි
මෙම මිල දී ගැනීම් කලේ මෙට පෙර පැවති පොලී අනුපාතවලට සුළු වශයෙන් අඩු අනුපාත යටතේ ය.
