ගෝඨාභය යන්නේ රජ ගෙදරට ද? හිර ගෙදරටද?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය මහතා රජගෙදරට යෑමට නොව හිරගෙදරට යාමට වැඩ කරගෙන ඇති බව තතු දත් දේශපාලන අංශ කියයි. එයට හේතුව නම් විදේශ ගමන් බලපතක් ලබාගැනීම සඳහා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කොට හෝ සත්‍ය තොරතුරු වසන් කොට හෝ ඇති බව හෙළිදරව් වීමයි. පසුගිය අප්‍රේල් 17 දා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඉල්ලුම්…

සජිත්ට සහය දෙන්න කරූ බෑ කියයි

පක්ෂය තීරණය කරන අපේක්ෂකයකුට මිස තමන්ම ඉදිරිපත්වන අපේක්ෂකයන්ට සහය දීමට තමන් සූදානම් නැති බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කොට ඇත. ඒ මහතා මෙම ප්‍රකාශය කොට ඇත්තේ රජාප ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා ගැනීමට කරූ ජයසූරිය මහතාගේ සහය ලබාගැනීමට කබීර් හෂීම් හා රංජිත් මද්දුම බණ්ඩාර මහත්වරුන් පසුගිය සිකුරාදා රාත්‍රියේ ඒ මහතා හමු වූ අවස්ථාවේදීය….

රනිල් ගේ භෝජන සංග්‍රහයට පස් දෙනෙක් හැර හැමෝම ඇවිත්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වත්මන් ආණ්ඩුවට වසර හතරක් පිරීම නිමිත්තෙන් පැවැත් වූ භෝජන සංග්‍රහයට සහභාගි නොවුයේ සජිත් පේමදාස ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පස්දෙනෙකු පමණක් යයි වාර්තාවේ. එම පස්දෙනා නම් සජිත් ප්‍රේමදාස ,මංගල සමරවීර, හරීන් ප්‍රනාන්දු, බුද්ධික පතිරණ හා දුලීප් වෙදආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ය. එම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පැමිණ නොසිටියේ ‘සජිත් එනවා’ නමින් නම් කර තිබූ මාතර…

මර්වින් සිල්වා එජාපයට එන්න සූදානම්

මර්වින් සිල්වා හිටපු මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයට එක්වීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇති බව වාර්තාවේ. ඒ මහතා කැලණිය ආසනයේ සංවිධායක ධුරය බලාපොරොත්තු වන බවද කියති. කෙසේ වෙතත් එජාප නායකයා කැලණිය ආසනය මර්වින් සිල්වා මහතාට ලබාදීමට කැමති වී නැති බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් හම්බන්තොට දිස්ත්‍රිකයෙන් මර්වින් සිල්වා මහතාට ඉඩක් ලබාදීමේ හැකියාව ගැන එහි දී සාකච්ඡා වී…

ගෝඨාගේ මාධ්‍ය වාරණය ගැන පොහොට්ටුව සමාව ඉල්ලයි

පසුගිය (24) වනදා ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙන් පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට ඊට ඉඩ ලබා නොදෙමින් ඔවුන්ව අපහසුතාවට පත්කිරීම සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. මෙසේ තමන්ගේ සමුළුව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට ඉඩ ලබා නොදුන්නේ කවුද යන්න පිළිබඳව තමනුත් නොදන්නා බව පැවසූ ශ්‍රීලපොපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන්…

“එජාපය තුළ කිසිම ප්‍රශ්නයක් නැහැ” – අමාත්‍ය රවී කරුණානායක

අත්තනෝමතිකව කටයුතු නොකර, ඒකරාශීවෙලා කටයුතු කළොත්, එජාපයට ජනතා විශ්වාසය දිනාගනිමින් විශිෂ්ට ජයක් ලබාගත හැකි බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, ඊයේ (24) පැවති රාගම දෙවාලයේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආමාත්‍යවරයා, “එක්සත් ජාතික පක්ෂය මේ රටේ…

කතානායකතුමා ධූරයෙන් ඉල්ලා අස්වන කතාව අමූලික ‌බොරු..! කතානායක කාර්යාලයෙන් නිවේදනයක්..!

නිල් අගමැතිධූරයෙන් ඉවත් කර සජිත් අගමැති ධූරයට පත් කරන බවත් එවිට කතානායක කරු ජයසූරිය කතානායක ධූරයෙන් ඉල්ලා අස්වන බවත් කියා පසුගිය දිනවල සජිත්වාදීන් ප්‍රචාරයක් ‌ගෙන ගියේ ය. ඒ පිලිබඳ නිවේදනයක් නිකුත් කරන කතානායක කාර්යාලය එම ප්‍රචාරය අමූලික අසත්‍යයක් බව පවසයි. කතානායකතුමාගේ එකී නිවේදනය සම්පූර්ණයෙන් ‌මෙසේය. ප්‍රවෘත්ති නිවේදනයයි 2019.08.26 2018 ඔක්තෝම්බර් මස 26 වන දින පාර්ලිමේන්තුවේ බහුතරය…

සජිත් සමග ආණ්ඩුවකට පොහොට්ටු , ශ්‍රීලනිප මන්ත්‍රීන්ටත් ඉල්ලීම්

සජිත් ප්‍රේමදාස මහතා අගමැති ලෙස දිවුරුම් දුන් විට ඔහු සමග ආණ්ඩුවකට එක්වී ඇමතිකම් ලබාගන්න ලෙස සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන්ගෙන්ද ඉල්ලීම් කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන වාර්තාවේ සදහන් කොට ඇත . කෙසේ වෙතත් බොහෝ දෙනා එයට අකමැති වීම නිසා සජිත් අගමැති කොට අලුත් ආණ්ඩුවක් බිහිකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා…

සජිත් – මෛත්‍රී දීගය : 30 සිකුරාදා තීරණාත්මකයි !

අගෝස්තු 30 වනදා වනවිට සජිත් ප්‍රේමදාස මහතාව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් නොකළහොත් සජිත් පාර්ශ්වය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.  පසුගිය 22 වනදාට පෙර කෙසේ හෝ සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරවා ගන්නා මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා…

එමිරේට්ස් එළවාගෙන මහින්ද ශ්‍රී ලංකන් එයාර්ට කෝටි 23000ක් පාඩු කරලා

එමරේට්ස් සමාගමේ පාලනය යටතේ ලාභ ලබමින් තිබූ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම මහින්ද රාජපක්ෂ පාලනය මගින් රජයට පවරාගෙන මෙතෙක් රටට කර ඇති පාඩුව රුපියල් කෝටි 23000ක් බව වාර්තාවෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එමරේට්ස් සමාගම මෙරටින් යන තත්ත්වයට කටයුතු කරන්නේ වරක් එංගලන්තයේ සංචාරයට ගොස් සටි ඔහු ඇතුලු අසූ පස් දෙනෙකුගේ කණ්ඩායමක සියලු දෙනාට ආසන ලබාදීමට ඒ වනවිට…

සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

මෙරටට සංචාරකයන්ගේ පැමිණීම ඉදිරි සති කිහිපයේ දී පෙර වසරේ තත්ත්වයට පත්වනු ඇති බව සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. මේ දිනවල දිනකටසංචාරකයන් 5000ක් 6000ක් පමණ  පැමිණෙන බව ඇමතිවරයා ප්‍රකාශකරයි. ඵසුගිය වසරේ අගෝස්තු මාසයේ සංචාරක පැමිණීමේ සාමාන්‍ය දිනකට 6463ක් විය මෙම අගොස්තු මස මුල් දින විස්සේ එම  අගය 4700ක් විය. එය තවත් ඉහළ යමින් පවතින…

ගෝඨාගේ සාදයට ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් ගිහින්

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (21) රාත්‍රී කොළඹ ශෑන්ග්‍රී ලා හෝටලයේ සංවිධානය කර තිබු රාත්‍රී භෝජන සංග්‍රහයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද සහභාගී වී ඇත. විපක්ෂ නායකවරයා විසින් ඒ සඳහා ආරාධනය කර තිබු අතර ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඊට සහභාගිවී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාලගෙන් ලැබූන උපදෙස් අනුවය. ඒ අනුව, සන්ධාන මහ ලේකම්…