සජිත්ට සහය දෙන්න කරූ බෑ කියයි
පක්ෂය තීරණය කරන අපේක්ෂකයකුට මිස තමන්ම ඉදිරිපත්වන අපේක්ෂකයන්ට සහය දීමට තමන් සූදානම් නැති බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කොට ඇත. ඒ මහතා මෙම ප්‍රකාශය කොට ඇත්තේ රජාප ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා ගැනීමට කරූ ජයසූරිය මහතාගේ සහය ලබාගැනීමට කබීර් හෂීම් හා රංජිත් මද්දුම බණ්ඩාර මහත්වරුන් පසුගිය සිකුරාදා රාත්‍රියේ ඒ මහතා හමු වූ අවස්ථාවේදීය.
එයා දැන් අපේක්ෂකයා කියලා නිවේදනය කරලා නේද? ඇයි දැන් අපේ සහය ඉල්ලාගෙන එන්නේ? යැයි කරූ ජයසූරිය මහතා එහි දී විමසා ඇත.
