රනිල් ගේ භෝජන සංග්‍රහයට පස් දෙනෙක් හැර හැමෝම ඇවිත්
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වත්මන් ආණ්ඩුවට වසර හතරක් පිරීම නිමිත්තෙන් පැවැත් වූ භෝජන සංග්‍රහයට සහභාගි නොවුයේ සජිත් පේමදාස ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පස්දෙනෙකු පමණක් යයි වාර්තාවේ.
එම පස්දෙනා නම් සජිත් ප්‍රේමදාස ,මංගල සමරවීර, හරීන් ප්‍රනාන්දු, බුද්ධික පතිරණ හා දුලීප් වෙදආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ය. එම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පැමිණ නොසිටියේ ‘සජිත් එනවා’ නමින් නම් කර තිබූ මාතර ජන රැලියට ඔවුන් සහභාගි වී සිටි බැවිනි. මාතර රැලියට සහභාගි වූ මැති ඇමති වරුන් පිරිසක් ද මෙම භෝජන සංග්‍රහයට පැමිණ සිටියහ.
එම පස්දෙනා හැර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සෙසු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සියල්ලක්ම පාහේ පැමිණ සිටියහ. ඔවුන්ට අමතරව දෙමළ ජාතික සංධානයේ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ද මෙම අවස්තාවට සහභාගි වී සිටියහ.
අගමැති වරයා මෙහි දී ජනාධිපති අපේක්ෂකයා ගැන අදහස් දැක්වීමෙන් වැලකී සිටීම විශේෂත්වයකි.
