මර්වින් සිල්වා එජාපයට එන්න සූදානම්
මර්වින් සිල්වා හිටපු මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයට එක්වීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇති බව වාර්තාවේ. ඒ මහතා කැලණිය ආසනයේ සංවිධායක ධුරය බලාපොරොත්තු වන බවද කියති.
කෙසේ වෙතත් එජාප නායකයා කැලණිය ආසනය මර්වින් සිල්වා මහතාට ලබාදීමට කැමති වී නැති බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් හම්බන්තොට දිස්ත්‍රිකයෙන් මර්වින් සිල්වා මහතාට ඉඩක් ලබාදීමේ හැකියාව ගැන එහි දී සාකච්ඡා වී ඇත.
