ගෝඨාභය යන්නේ රජ ගෙදරට ද? හිර ගෙදරටද?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය මහතා රජගෙදරට යෑමට නොව හිරගෙදරට යාමට වැඩ කරගෙන ඇති බව තතු දත් දේශපාලන අංශ කියයි. එයට හේතුව නම් විදේශ ගමන් බලපතක් ලබාගැනීම සඳහා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කොට හෝ සත්‍ය තොරතුරු වසන් කොට හෝ ඇති බව හෙළිදරව් වීමයි.

පසුගිය අප්‍රේල් 17 දා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඉල්ලුම් පත් භාරදුන් ගෝඨාභය රාජපක්ෂ මහතා මැයි 7දා වන විට ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බව දැන් හෙළිදරව් වී තිබේ. ඒ වන විට ඔහුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය තිබී නැති අතර තිබී ඇත්තේ ද්විත්ව පුරවැසි භාවයයි. එම කරුණ ඉදිරිපත් කළේ නම් ඔහුට මෙම ගමන් බලපත්‍රය නොලැබෙන බව කියති. එබැවින් ගෝඨා තම ගමන් බලපත්‍රය ලබාගෙන ඇත්තේ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කොට බව විශ්වාස කෙරෙයි. මෙය ආගමන විගමන නීති අනුව බරපතළ වරදකි. එම චෝදනා ඔප්පු වුවහොත් ඔහුට සිර දඬුවම් ලැබීමට වුවද එය හේතුවක් වන බව කියති.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පුරවැසිභාවයක් නොමැතිව 2005 මැතිවරණයේ දී ඡන්දදායකයකු ලෙස ලියාපදිංචි වී ඡන්දය ප්‍රකාශ කිරීම ගැන ද වෙනම පරීක්ෂණයක් පැවැත්වෙයි.

එමෙන්ම මෙරට ආරක්ෂක අමාත්‍යංශයේ ලෙකම් ලෙස ඒ මහතා පත්ව ඇත්තේ ද මෙරට පුරවැසිභාවයක් නොමැතිවය.

මෙලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට නීතිය නොතකා නීති කඩකොට ක්‍රියා කළ අවස්ථා ගණනාවක් හෙළිදරව්වෙමින් පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *