එමිරේට්ස් එළවාගෙන මහින්ද ශ්‍රී ලංකන් එයාර්ට කෝටි 23000ක් පාඩු කරලා

එමරේට්ස් සමාගමේ පාලනය යටතේ ලාභ ලබමින් තිබූ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම මහින්ද රාජපක්ෂ පාලනය මගින් රජයට පවරාගෙන මෙතෙක් රටට කර ඇති පාඩුව රුපියල් කෝටි 23000ක් බව වාර්තාවෙයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එමරේට්ස් සමාගම මෙරටින් යන තත්ත්වයට කටයුතු කරන්නේ වරක් එංගලන්තයේ සංචාරයට ගොස් සටි ඔහු ඇතුලු අසූ පස් දෙනෙකුගේ කණ්ඩායමක සියලු දෙනාට ආසන ලබාදීමට ඒ වනවිට මුදල් ගෙවා ආසන වෙන්කරගෙන සිටි මගීන් ඉවත් කිරීමට එම සමාගම අකමැතිවීම හේතුවෙනි. ජනාධිපතිතුමාට සහ කිට්ටුම කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට පමණක් ඉඩදුන් නමුත්, මහින්ද ජනාධිපතිතුමා උරන වූයේ තම කණ්ඩායමේ සියලු දෙනාට එම අවස්ථාව නොදුන් නිසාය. එම හේතුව නිසා එමරේට්ස් සමාගමේ ශ්‍රී ලංකා කළමනාකරුවන්ගේ වීසා අවලංගු කිරීම ආදී කටයුතු නිසා එම සමාගම ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් පාලනයෙන් ඉවත් විය.

ඉන්පසුව මහින්ද රාජපක්ෂ මහතා එම සමාගම පාලනය තම ඥාතීන්ට ලබා දෙමින් එය කාබාසිනියා කරමින් රටට විශාල ලෙස පාඩු සිදුකළේය. එය දැන් ලාබ ලැබිය නොහැකි තත්ත්වට පත්කොට ඇති අතර මේතාක් රටට සිදුකොට ඇති පාඩුව රුපියල් විසිතුන් කෝටියකට අධිකය.

මෙම සමාගම ලාභ ලබන තත්ත්වයට පත් කිර ගැනීම සඳහා යළිත් විදේශීය සමාගමක් ගෙන්වා ගැනීමට වත්මන් රජය උත්සාහ කළද එය මෙතෙක් සාර්ථක වී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *