“එජාපය තුළ කිසිම ප්‍රශ්නයක් නැහැ” – අමාත්‍ය රවී කරුණානායක
අත්තනෝමතිකව කටයුතු නොකර, ඒකරාශීවෙලා කටයුතු කළොත්, එජාපයට ජනතා විශ්වාසය දිනාගනිමින් විශිෂ්ට ජයක් ලබාගත හැකි බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, ඊයේ (24) පැවති රාගම දෙවාලයේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආමාත්‍යවරයා,
“එක්සත් ජාතික පක්ෂය මේ රටේ තිබෙන පක්ෂ අතරින් ඉතා ප්‍රභල පක්ෂයක්. අපේ පක්ෂය නියම වේලාවට, නිසි පුද්ගලයෙක් ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරනවා. ඒ ගැන බොරුවට කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අත්තනෝමතිකව යම් යම් ප්‍රකාශ නොකර, පක්ෂයක් හැටියට ඒකරාශීවෙලා කටයුතු කළොත්, ජනතා විශ්වාසය දිනාගැනීම පහසු වේවි. ඕනෑම දෙයක් කඩාකප්පල් කරන්න හරි පහසුයි. එක්සත් කරලා ආරක්ෂා කරන්න තමයි අමාරු. අපි කිසිම භේදයක් නොමැතිව, එක්සත් ආකාරයෙන් කටයුතු කරන්න තමයි උත්සාහ කරන්නේ. මම ඉතාමත් වගකීමෙන් කියන්නේ එක්සත් ජාතික පක්ෂයේවත්, කෘත්‍යාධිකාරි මණ්ඩලය තුලවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි පසුගිය සමයේ යම් අපහසු කාලයක් පසුකරන් ආවා. දැන් අපි ඒ දේවල් නිවැරදි කරගෙන යනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ, අපි ජනාධිපතිවරණය අනිවාර්යයෙන් ජයගහණය කරනවා. ඒ ලබන ජයග්‍රහණය යම් විනයක්, නීතී රාමුවක්, සම්ප්රදායක් තුළින් තමයි අපි ලබාගන්නේ ” යැයි පවසනවා.
මෙහිදී ප්‍රධාන කපු මහතා විසින් අමාත්‍යවරයාගේ දේශපාලන ගමන්මග පිළිබදව ප්‍රශංසා කරමින් ඉදිරි කටයුතු සාර්ථක කරගැනීම වෙනුවෙන් දේවාශිර්වාදය ප්‍රාර්ථනා කරනු ලැබුවා.
