කොවිඩ් යළි දරුණු අතට ! මරණ 66 යි ; නව ආසාදිතයින් 2329 යි

රට තුළ කොවිඩ් ව්‍යාප්තියේ වැඩිවීමක් යළි පෙන්නුම් කරමින් මරණ සංඛ්‍යාව සහ නව ආසාදිතයින් සංඛ්‍යාවේ කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කොට තිබේ. අද දිනයේ නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 66 කි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 4,324 ක් දක්වා ඉහළ  ගොස් තිබේ. අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 2,329 ක්…

පාදෙනියගේ නිලධාරී මණ්ඩලයට එරෙහි වාරණ නියෝගය අගෝස්තු 5 දක්වා දීර්ඝ කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු නිලධාරී මණ්ඩලයට එරෙහිව නිකුත් කොට තිබු තහනම් නියෝගය ලබන අගෝස්තු 5 දින දක්වා දීර්ඝ කිරීමට මොරටුව දිසා අධිකරණය අද තීරණය කළේ ය. දින 14 ක් සඳහා ජුලි 16 වැනිදා නිකුත් කොට තිබු තහනම් නියෝගය මෙමගින් දීර්ඝ කොට තිබේ. තහනම ගිගටම ක්‍රියාත්මක කිරීමට විරෝධතා ඇත්නම්…

මුදල් පනතට පනතට තවත්  සංශෝධන ගෙනෙන බව ආණ්ඩුව අධිකරණයට කියයි ; සියල්ල සඳුදාට දෙන්න නියෝග  

ප්‍රකාශ නොකර සඟවාගෙන සිටින මුදල් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ආයෝජනය කිරීමට ආණ්ඩුව ඉදිරිපත් කොට ඇති මුදල් පනතට තවත් සංශෝධන ඉදිරිපත් කරන බව ආණ්ඩුව වෙනුවෙන් නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නේ ය. එම සංශෝධන සහ දෙපාර්ශවයේ ලිඛිත දේශනා ලබන සඳුදාට ( අගෝස්තු 2 දාට)  ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය. මෙම මුදල් පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට පටහැනි…

මේ ආණ්ඩුව රට හිඟමනට වට්ටලා ; අපට වසර 20කවත් වෙනස් නොවන දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති රාමුවක් අවශ්‍යයි – රනිල් වික්‍රමසිංහ

මේ වන විට රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් මුදාගෙන රට ගොඩගැනීම සඳහා අවම වශයෙන්  වසර 20කටවත් වෙනස් නොවන  දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපිත කළයුතු බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. “අපි ආරම්භ කරන්න ඕනෑ කොරෝනා පාලනය කරන වැඩසටහනින්. එහෙනම් අනිත් රටවල් කරනවා වාගේ අපේ වෛද්‍ය උපදේශක කොමිටියකුත් ඒවා…

කොවිඩ් ව්‍යාප්තිය ඉහළට ! මරණ 63 යි ; නව ආසාදිතයින් 1919 යි

කොවිඩ් ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කරමින් අද කොවිඩ් මරණ සංඛ්‍යාවේ සහ නව ආසාදිතයින් සංඛ්‍යාවේ ද පැහැදිලි ඉහළ යාමක් වාර්තා වී ඇත. අද දිනයේ නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 63 කි. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 4,258 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ වාර්තා වී ඇති නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව…

අද නාඩු සහල් රුපියල් 120 යි ; සම්බා 150 යි ; කීරි සම්බා 225 යි – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

“අද  නාඩු සහල් කිලෝව රුපියල් 120 යි . සම්බා කිලෝව 150 යි. කීරි සම්බා කිලෝව 225 යි” යයි කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි. කෘෂිකර්ම අමාත්‍යංශයේ ඊයේ පැවති මාධ්‍ය  සාකච්ඡාවක දී ඇමතිවරයා මෙම මිල ගණන් ප්‍රකාශ කොට ඇත. ඇමතිවරයා එම මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේ සහල් වෙළෙඳුන් සමග ගිවිසුමක් අත්සන් කොට ලබන සතියේ සිට…

ජනපති පත්කල රක්‍ෂණ සභාපති පාරේ ! අස්කල ජගත් වැල්ලවත්ත තවමත් බලෙන් සභාපති පුටුවේ !

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත් කරන ලද ජගත් වැල්ලවත්ත මහතා තවදුරටත් එහි සභාපති ධූරයේ කටයුතු කරමින් සිටීම සම්බන්ධයෙන් රජයේ ඉහළ පෙළේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි. ඔහු ධුරයෙන් ඉවත් කරන ලද බව දැනුම් දී අධ්‍යක්ෂ මණ්ඩල හමු පවා කැඳවා ඇති බව වාර්තා වී ඇත. මහා භාණ්ඩාගාරය වෙනුවෙන් රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල…

සංවර්ධනය යනු අහවල් දෙයක් ද? – නිශාන්ත කමලදාස

සංවර්ධනය යන වචනය භාවිතා කොට යම් සටහනක් ලියන විට හැම විට ම වත්පොතේ මිතුරන් අසන ප්‍රශ්නයක් තිබේ. ඒ සංවර්ධනය යනුවෙන් මා අදහස් කරන්නේ කුමක් ද යන්න ය. මේ උත්සහය ඒ ගැන පැහැදිලි කිරීමට ය. සංවර්ධනය යන්නට නිර්ණායක බොහෝ ය. ඒ අතරින් මා වඩාත් කැමති නිර්ණායකය පළමුව දක්වනු කැමැත්තෙමි. ඒ කෑම සඳහා ජීවත් වෙන තත්වයෙන් මිදීමට…

අද කොවිඩ් මරණ 48 ක් ; නව ආසාදිතයින් 1688 ක් ; සමස්තය ලක්ෂ තුනට ලංවෙයි

අද කොවිඩ් මරණ 48 ක් වාර්තා කොට ඇත ඒ අනුව මේ වනවිට මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වන්නේ 4,195 ක් වශයෙනි. නව කොවිඩ් ආසාදිතයින් 1,688 ක් අද දිනයේ හඳුනාගත් බව වාර්තා වී ඇත. ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව තුන් ලක්ෂයකට ආසන්න වෙමින් 299,869 ක් ලෙස වාර්තා වී තිබේ.

ජනාධිපතිතුමා සමග සාකච්ඡා සතුටුදායක නැහැ – ශ්‍රීලනිප ජෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

ආණ්ඩුවේ පාර්ශවකරුවකු ලෙස සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රජයෙන් ඇති නොසැලකිල්ල සම්බන්ධ ප්‍රශ්න පිළිබඳව ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවෙන් සතුටුදායක ප්‍රතිඵල නොලැබුණු බව ශ්‍රීලනිප ජෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කරයි. එම සාකච්ඡාවෙන් ලැබුණු එක ම යහපත් ප්‍රතිචාරය ශ්‍රීලනිප ප්‍රාදේශීය නියෝජිතයින්ට ද සන්වර්ධන කටයුතු සඳහා මුදල් ලබා දීමට ජනාධිපතිතුමා එකඟ වීම බව ද…

“ගුරු වැටුප් ප්‍රශ්න මේ වෙලාවේ විසඳන්න බැහැ” – අගමැති වෘත්තීය සමිති නියෝජිතයින්ට කියයි

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් විය යුතු බව මෙන්ම ගුරු සේවය වෙන ම සේවාවක් බවට පත් විය යුතුය යන්න පිළිගන්නා නමුත් රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව වැටුප් විෂමතා ඉවත්කිරීමේ හැකියාවක් නොමැති බව ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සමග අද පැවතී සාකච්චාවේ දී  අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත. කෙසේ වෙතත්,  ගුරු හා විදුහල්පති වැටුප්…

අල්ලස් නඩුවෙන් ඇවන්ගාඩ් සභාපති ඇතුළු දෙදෙනා නිදහස්

ශ්‍රී ලංකා අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සඳහා රුපියල් කෝටි තුනහමාරකට අධික අල්ලසක් ලබාදුන් බවට හා ලබාගත් බවට චෝදනා ලැබ සිට අවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් අද  නිදහස් කළේය. විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුවේ අධිචෝදනා…