මුදල් පනතට පනතට තවත් සංශෝධන ගෙනෙන බව ආණ්ඩුව අධිකරණයට කියයි ; සියල්ල සඳුදාට දෙන්න නියෝග

ප්‍රකාශ නොකර සඟවාගෙන සිටින මුදල් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ආයෝජනය කිරීමට ආණ්ඩුව ඉදිරිපත් කොට ඇති මුදල් පනතට තවත් සංශෝධන ඉදිරිපත් කරන බව ආණ්ඩුව වෙනුවෙන් නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නේ ය.
එම සංශෝධන සහ දෙපාර්ශවයේ ලිඛිත දේශනා ලබන සඳුදාට ( අගෝස්තු 2 දාට) ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය.
මෙම මුදල් පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ පෙත්සම් අටක විභාගය අවසන් කරමින් මෙම නියෝගය ලබා දී තිබේ.
