පාදෙනියගේ නිලධාරී මණ්ඩලයට එරෙහි වාරණ නියෝගය අගෝස්තු 5 දක්වා දීර්ඝ කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු නිලධාරී මණ්ඩලයට එරෙහිව නිකුත් කොට තිබු තහනම් නියෝගය ලබන අගෝස්තු 5 දින දක්වා දීර්ඝ කිරීමට මොරටුව දිසා අධිකරණය අද තීරණය කළේ ය. දින 14 ක් සඳහා ජුලි 16 වැනිදා නිකුත් කොට තිබු තහනම් නියෝගය මෙමගින් දීර්ඝ කොට තිබේ.

තහනම ගිගටම ක්‍රියාත්මක කිරීමට විරෝධතා ඇත්නම් එදිනට ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය නියෝග කොට තිබේ.

අනුරුද්ධ පාදෙකිය මහතා ඇතුළු වර්තමාන නිලධාරී මණ්ඩලයේ කටයුතු අත් හිටුවමින් සහ අපක්ෂපාත කමිටුවකින් සංගමයේ නිලවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස මෙම නියෝගය නිකුත් කොට තිබේ.

නිසි පරිදි නිලවරණය නොපවත්වා  බලයේ රැඳී  සිටීමට එරෙහිව සහ නිලවරණය අපක්ෂපාතීව පවත්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියකු වන වෛද්‍යවරයකු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති පෙත්සමක් සලකා බලමින් මොරටුව දිසා අධිකරණය මෙම නියෝගය දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *