අද නාඩු සහල් රුපියල් 120 යි ; සම්බා 150 යි ; කීරි සම්බා 225 යි – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

“අද  නාඩු සහල් කිලෝව රුපියල් 120 යි . සම්බා කිලෝව 150 යි. කීරි සම්බා කිලෝව 225 යි” යයි කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි. කෘෂිකර්ම අමාත්‍යංශයේ ඊයේ පැවති මාධ්‍ය  සාකච්ඡාවක දී ඇමතිවරයා මෙම මිල ගණන් ප්‍රකාශ කොට ඇත.

ඇමතිවරයා එම මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේ සහල් වෙළෙඳුන් සමග ගිවිසුමක් අත්සන් කොට ලබන සතියේ සිට මෙම මිල ගණන් රුපියල් 75 කින්, 50 කින් තරම් ප්‍රමාණයකින් අඩු කරන බව යි.

සහල් මිල අඩු කරන බවට මීට පෙර ද ඇමතිවරයා අවස්ථා ගණනාවක පොරොන්දු වී ය. සහල් කිලෝවක මිල  රුපියල් 100 ඉක්මවා යන්නට ඉඩ නොදෙන බව ද දැඩි ලෙස ප්‍රකාශ කළේ ය. ඒ කිසිවක් ඒ ආකාරයෙන් සිදු වුයේ නැත. දැන් ඇමතිවරයා ම කියන්නේ වෙළෙඳ පොළේ දැනට පවතින අව ම මිල ගණන් ය.

ඇමතිවරයා දැන් කියන්නේ සහල් වෙළෙඳුන් ආණ්ඩුව සමග ගිවිසුමකට එළඹ සහල් මිල අඩු කරනු ඇති බව යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *