ජනාධිපතිතුමා සමග සාකච්ඡා සතුටුදායක නැහැ – ශ්‍රීලනිප ජෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

ආණ්ඩුවේ පාර්ශවකරුවකු ලෙස සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රජයෙන් ඇති නොසැලකිල්ල සම්බන්ධ ප්‍රශ්න පිළිබඳව ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවෙන් සතුටුදායක ප්‍රතිඵල නොලැබුණු බව ශ්‍රීලනිප ජෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කරයි.

එම සාකච්ඡාවෙන් ලැබුණු එක ම යහපත් ප්‍රතිචාරය ශ්‍රීලනිප ප්‍රාදේශීය නියෝජිතයින්ට ද සන්වර්ධන කටයුතු සඳහා මුදල් ලබා දීමට ජනාධිපතිතුමා එකඟ වීම බව ද ඒ මහතා කියයි.

සංවර්ධන ක්‍රියාවලියේ දී තම පක්ෂයේ ප්‍රාදේශීය නියෝජිතයින් නොතකා ක්‍රියා කිරීම ගැන පක්ෂයේ ගම් මට්ටමේ නියෝජිතයින්ගේ බරපතළ මැසිවිලි ඇති බවත්, ඒ කිසිවකට විසඳුම් නොලැබුණු බවත්, මහාචාර්ය පියදාස මහතා ප්‍රකාශ කොට ඇත.

රසායනික පොහොර තහනම් කිරීමෙන් ගොවි ජනයා මුහුණ දී ඇති ගැටලු ඇතුළු පොදු ප්‍රශ්න ගණනාවක් ගැන ද ශ්‍රීලනිපය තම මතය ජනාධිපතිතුමාට දැනුම් දී ඇතත්, ඒ කිසිවකට යහපත් ප්‍රතිචාර ලැබී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *