ෆයිසර් -බයෝ එන් ටෙක් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

කොවිඩ් 19 රෝග පාලනය සඳහා නිපදවා ඇති ඇමෙරිකානු ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතයට සඳහා  අනුමැතිය ලබා  දී ඇති බව වාර්තා වෙයි. එම එන්නත බෙදා හැරීමේ දී සංවර්ධනය වෙමින් පවතින රටවලට එහි වැඩි අවස්ථාවක් හිමිවිය යුතු බව එක්සත් ජාතීන් අවධාරණය කර තිබේ. කොවිඩ් වසංගතය ආරම්භවීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය…

කොරෝනා හැදුනත් සංචාරකයන් ගෙන්වනවා ; ගුවන් තොටුපළ විවෘත කරනවා – ඇමති ප්‍රසන්න රණතුංග

කොරෝනා හැදුනත් සංචාරකයන් ගෙන්වනවා ; ගුවන් තොටුපළ විවෘත කරනවා – ඇමති ප්‍රසන්න රණතුංග

කොරෝනා වසංගතය පැතිරීමෙන් පසුව මෙරට සංචාරය සඳහා පැමිණි පළමු පිරිස  වන යුක්රේන සංචාරක කණ්ඩායමේ කිහිප දෙනෙකුට කොවිඩ් 19 වැළඳුන ද , මෙරටට සංචාරකයන් ගෙන්වීම දිගට ම සිදුකරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කොට ඇත. ජනවාරි මස අවසන්වීමට පෙර ගුවන් තොටුපළ විවෘත කරන බව ද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ. ගුවන් තොටුපළ…

රාජ්‍ය-පෞද්ගලික ආයතන EPF දායක මුදල් කෝටි 1,200ක් පොලු තියලා – කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලින් රුපියල් කෝටි 1,200ක මුදලක් මේ වන විට සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ලෙසින් අය විය යුතුව තිබෙන බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා දිනමිණට ඊයේ (31) ප්‍රකාශ කළේය. 2020 ජනවාරි මස 01 වැනිදා වන විට සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගෙවීම් පැහැර හැරීම් සම්බන්ධයෙන් නඩු 11,549ක් රාජ්‍ය සහ පෞද්ගලික…

අද (31 ) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 592 ක් ; පොකුර 39,571 යි ; සමස්තය 43,291 යි

අද (31 ) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 592 ක් ; පොකුර 39,571 යි ; සමස්තය 43,291 යි

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් 592 ක් අලුතින් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, වත්මන් කොවිඩ් පොකුර 39,571 ක් දක්වා ඉහල ගොස් ඇත. මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ගණන් බල ඇත්තේ 43,291 ක් වශයෙනි.

මෙරට කොවිඩ් මරණ 200 ඉක්මවයි

මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව අද දිනයේ 204 ක් දක්වා ඉහළ ගියේ ය. ඒ අද දිනයේ තවත් කොවිඩ් මරණ පහක් වාර්තාවීමත් සමග ය. අද මරණ වාර්තා වුයේ ධර්ගා නගරය , හෝමාගම, කොළඹ 5, ගලේවෙල සහ පැල්මඩුල්ල යන ප්‍රදේශවලිනි.

ධනපාල පැණියට තවම අනුමැතියක් දී නැහැ. පැණියේ ගුණ අගුණ සති දෙකකින් කියන්න හැකිවෙයි – අමාත්‍ය චන්න ජයසුමන

කෑගල්ලේ ධම්මික බණ්ඩාර නොහොත් ධනපාල කපු මහතා විසින් කාලි මෑණියන්ගෙන් අසාගත් වට්ටෝරුවක් අනුව නිපදවූ බව කියන කොවිඩ් මර්දන පැණියට ආචාරධර්ම කමිටුවේ අනුමැතිය ලැබීම යනු එම පැණිය අනුමත කිරීමක් ලෙස වරදවා වටහාගත යුතු නොමැති බව අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. “මෙය වරදවා වටහාගත යුතු නැහැ පැණිය අනුමත කිරීමක් හැටියට. ඇත්තටම පැණිය පරීක්ෂාවට ලක්කිරීම සඳහා, රජයේ රෝහලක…

තවත් යුක්රේන සංචාරකයින් තිදෙනෙකුට කොවිඩ් ; එකතුව හයයි

තවත් යුක්රේන සංචාරකයින් තිදෙනෙකුට කොවිඩ් ; එකතුව හයයි

  සංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්  පළමු පිරිස  වන යුක්රේන සංචාරකයින් අතර තවත් තිදෙනකුට නොවිඩ් 19 ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්යංශය අද උදේ නිවේදනය කළේය. මීට පෙර හමු වූ තිදෙනා ද සමග කොවිඩ් ආසාදිත සංචාරකයින්ගේ සංඛ්‍යාව හයක් බවට පත්ව ඇත. මෙම සංචාරකයින් මෙරටට රැගෙන එන්නට පෙර කළ පී සී ආර් පරීක්ෂනවල දී කොවිඩ්…

අදත් ( 30 ) කොවිඩ් ආසාදිතයින් 636 ක් ; මරණ 4 ක්

අදත් ( 30 ) කොවිඩ් ආසාදිතයින් 636 ක් ; මරණ 4 ක්

අද දිනයේ කොවිඩ්  19 ආසාදිතයින් 636 ක් අලුතින් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි ‘ ඒ අනුව වත්මන් පොකුරේ ආසාදිත සංඛ්‍යාව වාර්තා වුයේ 38,979 ක් වශයෙනි. මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 42,699 ක් ලෙස සටහන් වී ඇත. අද දිනයේ කොවිඩ් මරණ හතරක් ද වාර්තා වී ඇත. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වුයේ…

|

චීනය අනුමත කළ ණයත් දෙන්න බෑ කියයි – ලංකා බැංකුව කබලෙන් ලිපට

ලංකා බැංකුව විසින් අයදුම්කරන ලද ණය මුදලකට අදාළව චීන සංවර්ධන බැංකුව (China Development Bank) විසින් 2021 ජනවාරියේ ලබාදීමට තිබූ වාරිකය ගෙවීම ලංකා බැංකුව ශ්‍රේණියෙන් පහත වැටීම (Downgrade) නිසා ප්‍රතික්ෂේප වී තිබේ. ලංකා බැංකුව විසින් චීන සංවර්ධන බැංකුවෙන් ලබාගැනීමට අපේක්ෂා කර තිබූ මුළු ණය මුදල ඩොලර් මිලියන 140ක් වූ අතර පසුගිය ජූලි මස 19 වෙනිදා පළමු…

කොමිෂන් සභාව වසා දැමීමේ තීරණය ගැනීමට පෙර,ජනාධිපති කොමිසමක් පත් කර විමර්ශනයක් කරන්න – මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය

විදුලිබලාගාර ඉදි නොකිරීම පසුපස සිටින්නේ කවුරුන් ද? ඔවුන්ගේ අරමුණු මොනවාද? ඒ සඳහා ඔවුන් අනුගමනය කරනු ලබන සැළසුම් මොනවාද? යන්න මෙන්ම දිගුකාලීන විදුලි ජනන සැලසුම් සදහා අනුමැතිය ලබා දීම සහ විදුලි බලාගාර සදහා අවශ්‍ය අනුමැතිය ලබා දීම ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රමාද කර ඇතිදැයි සොයා බැලීම සඳහා පුර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස…

දකුණේ කොවිඩ් පොකුර 939 කට නගී

දකුණු පළාතෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 939 දෙනකු දක්වා ඉහළ ගොස් ඇති බව දකුණු පළාත් කොරෝනා මර්ධන ඒකකය පවසයි. මේ අතරින් 522 ක් වන වැඩි ම සංඛ්‍යාව වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 341 දෙනකු වාර්තා වී ඇති අතර මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සංඛ්‍යාව 76 කි. ඊයේ දිනයේ දී පමණක් කොවිඩ්…

ලංකාවට රැගෙන ආ පළමු සංචාරක පිරිසේ තිදෙනකුට කොවිඩ්

ලංකාවට රැගෙන ආ පළමු සංචාරක පිරිසේ තිදෙනකුට කොවිඩ්

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය යලි නගා සිටුවීම සඳහා මෙරටට රැගෙන ආ පළමු සංචාරක කණ්ඩායමේ තිදෙනකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව පී සී ආර් පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරවරයා නිවේදනය කොට ඇත. යුක්රේනයේ සිට පැමිණි මෙම සංචාරක කණ්ඩායමේ 185 දෙනකු පෙරේදා මත්තල ගුවන් තොටුපලින් මෙරටට ගොඩ බැස්ස හ. විශේෂයෙන් වෙන්…