තවත් යුක්රේන සංචාරකයින් තිදෙනෙකුට කොවිඩ් ; එකතුව හයයි

සංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් පළමු පිරිස වන යුක්රේන සංචාරකයින් අතර තවත් තිදෙනකුට නොවිඩ් 19 ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්යංශය අද උදේ නිවේදනය කළේය.
මීට පෙර හමු වූ තිදෙනා ද සමග කොවිඩ් ආසාදිත සංචාරකයින්ගේ සංඛ්‍යාව හයක් බවට පත්ව ඇත.
මෙම සංචාරකයින් මෙරටට රැගෙන එන්නට පෙර කළ පී සී ආර් පරීක්ෂනවල දී කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන නැති බව කියති.
කෙසේ වෙතත් , මෙරටට පැමිණෙන විට ඔවුන් ආසාදිත තත්ත්වයට පත්ව ඇත. එමෙන් ම ආසාදිතයින් පරීක්ෂණ මගින් හනුනාගත හැකි වන්නේ දින කිහිපයක් ගත වූ පසුව බව ද කියති .
