සමාජ මාධ්‍ය ප්‍රචාර බොරු; බැංකුවේ කඩා වැටීමක් නෑ – මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ

    මහජන බැංකුව කඩා වැටෙමින් පවතින බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිරෙන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා  ප්‍රකාශ කොට තිබේ. රජයට අයත් ලේක් හවුස් ආයතනයෙන් පලකරන ‘දිනමිණ’ පුවත්පතේ ජයසිරි මුණසිංහ මාධ්‍යවේදියා කල විමසුමකට පිළිතුරු වශයෙන් මහජන බැංකු සභාපතිවරයා මේ බව පවසා ඇත. රාජ්‍ය බැංකුවක් කඩා වැටෙමින් පවතින බවට සමඟි…

ආණ්ඩුව කියන නිසා මුල්‍ය අරමුදලට සහය දෙන්න අපි ලෑස්තියි – මහ බැංකුව නිවේදනය කරයි

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට ආණ්ඩුව තීරණය කොට ඇති නිසා තමන් ද එයට සහය දෙන්න සුදානම් බව මහ බැංකුව නිවේදනය කොට ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තම වාර්තාව ඊයේ ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස නිකුත් කොට ඇති නිවේදනයේ ඒ ගැන සඳහන් වන්නේ මේ ආකාරයෙනි. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සමීප සම්බන්ධතාවයක්…

බැසිල් නැහැ කියූ මුල්‍ය අරමුදලේ වාර්තාව එලියට – ආර්ථිකයේ ඇත්ත තත්ත්වය ගැන විවරණයක්

තමන්ට ලැබී නැතැයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කියූ වාර්තාව මුල්‍ය අරමුදල විසින් ඊයේ ප්‍රකාශයට පත් කළේය. ආණ්ඩුව සහ මහ බැංකුව දැන් කියන්නට හදන්නේ මෙම වාර්තාව තමන්ට ලැබුනේ ද ඊයේ බවයි. එසේ වුව ද, ඇත්ත තත්ත්වය නම් මෙය ආණ්ඩුවට ලබා දී තිබු බව සහ ආණ්ඩුවේ විරෝධය නිසා ප්‍රකාශයට පත් නොකර සිටීම බව තතු දත් ආරංචි…

ඉන්දියන් ඔයිල් සමාගම පෙට්‍රල් මිල යලි වැඩි කරයි

එල් අයි ඕ සී හෙවත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම යලිත් වතාවක් පෙට්‍රල් මිල වැඩි කොට තිබේ. ඒ අනුව එම සමාගම අලෙවි කරන සියලුම පෙට්‍රල් වර්ග වල මිල ලීටරයක් රුපියල් 49 කින් වැඩි කොට තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 303 ක් වන අතර ඔක්ටේන් 95 ලීටරයක් 332 ක් වෙයි. ඩීසල් මිල…

අද කොවිඩ් වාර්තා ; මරණ 2 යි, නව ආසාදිතයින් 234 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන අනුව දිනය තුළ කොවිඩ් මරණ 2 ක් තහවුරු කොට ඇති අතර නව ආසාදිතයින් 234 දෙනෙකු අලුතින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව මේ වන විට මෙරටින් කෝවිඩ් ආසාදිත මරණ 16,452 ක් වාර්තා වී තිබේ. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් සමස්ත ආසාදිත සංඛ්‍යාව 660,633 ක් ලෙස සටහන් වී…

බැසිල් නැතැයි කියූ වාර්තාව අයි එම් එෆ් ප්‍රසිද්ධ කරයි !

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහස් කළ වාර්තාවක් තමන්ට ලැබී නැතැයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සර්ව පාක්ෂික සමුළුවේ දී ප්‍රකාශ කළ නමුත් එම වාර්තාව ප්‍රකාශයකට පත් කිරීමට කටයුතු කරන බව මුල්‍ය අරමුදල අද ප්‍රකාශ කොට ඇත. මුල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා රජයේ ද අදහස් ලබා ගනිමින් සකස් කරන මෙබඳු වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය…

ඉන්ධන නැවට ඩොලර් මිලියන 42 ක් ගෙවන්න දින 11 ක රස්තියාදුවක්

  ගෙවීම් සිදු නොකිරීම නිසා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දින 11 ක් නවතා තිබූ ඉන්ධන නෞකාවක්  ඩොලර් මිලියන 42 ක් ගෙවා අද නිදහස් කරගත් බව වාර්තා වෙයි. ඩීසල් සහ ගුවන් යානා තෙල් මෙට්‍රික් ටොන් 20,000 බැගින් සහිත මෙම නෞකාව මෙම මස 14 වැනිදා ශ්‍රී ලංකාවට ළගාවුවද ඩොලර් නොමැති වීමෙන් ඉන්ධන නිදහස් කරගැනීමට නොහැකි වූ බවත්…

පොලීසියේ දූෂණ හෙළි කළ “අරුණ පුවත්පතේ” ප්‍රවෘත්ති කර්තෘට මරණ තර්ජන, අපක්ෂපාතී පරීක්ෂණයක් සඳහා පොලිස්පතිවරයා වහා මැදිහත් විය යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    ශ්‍රී ලංකා පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගේ දූෂණ හෙළිදරව් කරමින් ලිපියක් ලියූ “සති අග අරුණ” සහ “දිනපතා අරුණ” පුවත්පත්වල ප්‍රවෘත්ති කර්තෘ මාධ්‍යවේදී චමින්ද සේනාරත්නට දුරකතනය ඔස්සේ මරණ තර්ජන එල්ල කිරීම කිසිසේත් නොසළකා හැරිය නොහැකි බරපතල තත්ත්වයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. “හිටිහැටියේ පොහොසත්වන පොලිස් ඇත්තෝ” යන හිසින් 2022 මාර්තු 15 වන දින අරුණ…

අද කොවිඩ් වාර්තා ; මරණ 5 යි, නව ආසාදිතයින් 248 යි

රජය අද නිකුත් කළ නිවේදන අනුව කොවිඩ් මරණ 5 ක් අද දිනය තුල තහවුරු කොට ඇති අතර නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති සංඛ්‍යාව 248 කි. මේ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16,450 ක් වශයෙනි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 660 399 ක් වශයෙනි.

මෙම වසරට තෙවැනි අයවැයත් එයි ; මෛත්‍රීගේ යෝජනාව රනිල් ස්ථිර කරයි ; බැසිල් එකඟ වෙයි

‍2022 අයවැය යෝජනා වහා ප්‍රතිසංශෝධනය කර ඉදිරි මුදල් වර්ෂය සඳහා නව පරිපූරක ඇස්තමේන්තුවක් මැයි මාසයට පෙර ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමින්  කළ යෝජනාව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ද අනුමත කිරීමෙන් පසුව මුදල ඇමති බැසිල් රාජපක්ෂ මහතා එයට එකඟත්වය ප්‍රකාශ කළේය….

පොලී අනුපාත දෙගුණයකට වඩා වැඩි කළ යුතුය – හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

ඉතිරිකරන්නන්ට සැබෑ ප්‍රතිලාභයක් ලබාදීම සඳහා රටේ පොලී අනුපාත දෙගුණයකටත් වඩා වැඩි කිරීමට සිදුවන බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය. ඉදිරියේදී තත්ත්වය නරක අතට හැරෙන්නට ඉඩ ඇති බැවින්, කිසිදු වැඩ පිළිවෙළක් නැති තත්ත්වය වෙනුවට, ආර්ථිකය ගැන විශ්වාසයක් ඇතිකර ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළකට යාම වඩා හොඳ බව ඒ මහතා…

අද තවත් කොවිඩ් මරණ 5 ක් , නව ආසාදිතයින් 292 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත්කළ නිවේදන අනුව දිනය තුල තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 5 ක් වන අතර හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 292 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද වාර්තාවල සටහන් වන්නේ 16,445 ක් වශයෙනි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 660,151…