බැසිල් නැතැයි කියූ වාර්තාව අයි එම් එෆ් ප්‍රසිද්ධ කරයි !

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහස් කළ වාර්තාවක් තමන්ට ලැබී නැතැයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සර්ව පාක්ෂික සමුළුවේ දී ප්‍රකාශ කළ නමුත් එම වාර්තාව ප්‍රකාශයකට පත් කිරීමට කටයුතු කරන බව මුල්‍ය අරමුදල අද ප්‍රකාශ කොට ඇත.
මුල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා රජයේ ද අදහස් ලබා ගනිමින් සකස් කරන මෙබඳු වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීම සාමාන්‍ය සම්ප්රදාය වුව ද, මෙතෙක් එය ප්‍රමාද වුයේ ශ්‍රී ලංකා රජය එය ප්‍රසිද්ධ කිරීමට විරුද්ධ වූ නිසා බව වාර්තා වී ය.
කෙසේ වෙතත්, මුල්‍ය අරමුදල අද ප්‍රකාශ කළේ එය ප්‍රකාශයට පත් කිරීම සඳහා රජයේ අනුමැතිය ඊයේ ලැබුණු බවයි.
මෙම වාර්තාව ප්‍රසිද්ධ නොකර තබාගැනීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිළිගෙන ඇති විනිවිද භාවයේ මුලධර්මවලට පටහැනි බව ඔවුන් විසින් පෙන්වා දෙනු ලැබීමෙන් පසු එය ප්‍රසිද්ධ කිරීමට තිබු විරෝධය ඉවත් කර ගැනීමට රජය එකඟ වී ඇති බව කියති.
මෙබඳු වාර්තාවක් නැතැයි මුදල් ඇමතිවරයා ප්‍රකාශ කිරීමෙන් පසු විවිධ පාර්ශව සහ ජනමාධ්‍ය ඒ ගැන මුල්‍ය අරමුදලින් විමසීම මෙම තීරණයට බල පා ඇත.
මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටි අතර පසුගියදා පැවති සර්ව පාක්ෂික සමුළුවේ දී ඒ මහතා එම ඉල්ලීම නැවත කළේය.
එහි දී බැසිල් රාජපක්ෂ ඇමතිවරයා කීවේ එබඳු වාර්තාවක් තමන්ට ලැබී නැති බව වගකීමෙන් යුතුව කියන බවයි.
දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශයට පත් කරන්නට යන්නේ මුදල් ඇමති වරයාට ලැබී නැතැයි වගකීමෙන් කියූ එම වාර්තාවයි.
