ඉන්ධන නැවට ඩොලර් මිලියන 42 ක් ගෙවන්න දින 11 ක රස්තියාදුවක්

ගෙවීම් සිදු නොකිරීම නිසා ශ්රී ලංකා මුහුදු සීමාවේ දින 11 ක් නවතා තිබූ ඉන්ධන නෞකාවක් ඩොලර් මිලියන 42 ක් ගෙවා අද නිදහස් කරගත් බව වාර්තා වෙයි.
ඩීසල් සහ ගුවන් යානා තෙල් මෙට්රික් ටොන් 20,000 බැගින් සහිත මෙම නෞකාව මෙම මස 14 වැනිදා ශ්රී ලංකාවට ළගාවුවද ඩොලර් නොමැති වීමෙන් ඉන්ධන නිදහස් කරගැනීමට නොහැකි වූ බවත් අද (25) ඩොලර් ගෙවා නිදහස් කරගත් බවත් කියති.
මේ අතර රට පුරා ඉන්ධන පෝලිම් තව දුරටත් පවතියි.
පෙට්රල් හිගය යම් තරමකට විසඳි ඇතත් ඩීසල් හිගය උග්ර බව අපගේ ආරංචි මාර්ග කියයි.
කෙසේ වෙතත්, තමන් සතුව ඩොලර් මිලියන 2000 කට වැඩි ඩොලර් සංචිත ඇති බව මහ බැංකුව කියයි.
