ඉන්දියන් ඔයිල් සමාගම පෙට්‍රල් මිල යලි වැඩි කරයි

එල් අයි ඕ සී හෙවත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම යලිත් වතාවක් පෙට්‍රල් මිල වැඩි කොට තිබේ.
ඒ අනුව එම සමාගම අලෙවි කරන සියලුම පෙට්‍රල් වර්ග වල මිල ලීටරයක් රුපියල් 49 කින් වැඩි කොට තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 303 ක් වන අතර ඔක්ටේන් 95 ලීටරයක් 332 ක් වෙයි.
ඩීසල් මිල ඉහළ දමා නැත .
මෙම මිල වැඩි කිරීම අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක ය.
