බැසිල් නැහැ කියූ මුල්‍ය අරමුදලේ වාර්තාව එලියට – ආර්ථිකයේ ඇත්ත තත්ත්වය ගැන විවරණයක්

තමන්ට ලැබී නැතැයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කියූ වාර්තාව මුල්‍ය අරමුදල විසින් ඊයේ ප්‍රකාශයට පත් කළේය.

ආණ්ඩුව සහ මහ බැංකුව දැන් කියන්නට හදන්නේ මෙම වාර්තාව තමන්ට ලැබුනේ ද ඊයේ බවයි. එසේ වුව ද, ඇත්ත තත්ත්වය නම් මෙය ආණ්ඩුවට ලබා දී තිබු බව සහ ආණ්ඩුවේ විරෝධය නිසා ප්‍රකාශයට පත් නොකර සිටීම බව තතු දත් ආරංචි මාර්ග කියයි.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික සමුළුවේ දී කළ ප්‍රශ්න කිරීමෙන් පසු කෙටුම්පතක් ලැබී ඇතැයි බැසිල් රාජපක්ෂ ඇමතිවරයා කීය.

කෙසේ වෙතත්, ප්‍රශ්න කිරීම් හමුවේ තම විරෝධය ඉවත් කර ගැනීමට ආණ්ඩුවට සිදු වූ අතර දැන් එම වාර්තාව ප්‍රසිද්ධියට පත්ව තිබේ.

අලුතින් ලැබුණු වාර්තාවක් ලෙස එය පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට මුදල් ඇමතිවරයා සුදානමින් සිටින බව ද දැනගන්නට ඇත.

රටේ ආර්ථික තත්ත්වය ගැන සවිස්තරාත්මක ලෙස කරුණු දක්වා ඇති වාර්තාව මගින් බදු අහෝසි කොට රජයේ ආදායම් අහිමි කර ගැනීම, විශාල ලෙස මුදල් මුද්‍රණය ආදිය විවේචනය කොට ඇති අතර 2019 ට පෙර තිබු බදු නැවත පනවන ලෙස නිර්දේශ කොට ඇත.

එමෙන් ම රටේ ණය තත්ත්වය අවදානම් සහිත බවත්, ප්‍රතිව්යුහගතකිරීමේ අවශ්‍යතාවයත් එමගින් පෙන්වා දී තිබේ.

වාර්තාව පිලිබඳ තවත් තොරතුරු පසුව බලාපොරොත්තු වන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *