බැසිල්ට දුන්නේ හිස් භාණ්ඩාගාරයක් ; පොහොට්ටු පසුපෙලින් අගමැති මහින්දට චෝදනා !!!

බැසිල් රාජපක්ෂ මහතාට ලබා දී තිබෙන්නේ හිස් භාණ්ඩාගාරයක් බවත් , එබැවින් ඒ මහතාට ආදායම් උපදවා ගෙන ජනතාවට සහන දීමට කෙටි කලක් ගතවනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි. බැසිල් රාජපක්ෂ මහතා පසුගිය දා මුදල් ඇමති ධුරය භාරගත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙනි. පොහොට්ටුවේ මන්ත්‍රීවරයා මාධ්‍යයට කියා ඇත්තේ මහින්ද රාජපක්ෂ…

‘‘මේ ආණ්ඩුව බලයට පත්වූ දා සිට ලක්ෂ හයක් රටින් යන්න වීසා ඉල්ලලා‘‘ – එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව වෙනත් රටවලට ඇතුල්වීම සඳහා ශ්‍රී ලාංකිකයන් ලක්ෂ හයකට අධික සංඛ්‍යාවක් මෙරට තානාපති හා මහ කොමසාරිස් කාර්යාල හරහා වීසා අයදුම් කර ඇතැයි හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. මෙලෙස වීසා අයදුම් කර සිටි පිරිසෙන් බහුතරය සිංහල බෞද්ධ වීම සුවිශේෂී කාරණයක් බව ද අබේවර්ධන මහතා…

අද තවත් කොවිඩ් මරණ 37 ක් ; නව ආසාදිතයින් 1453 ක්

ඊයේ සිදු වූ බව කියන කොවිඩ් ආසාදිත මරණ 37 ක් අද දිනයේ වාර්තා කොට ඇත. එම මරණ සමග මෙරටින් නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3,611 ක් දක්වා ඉහළ ගොස් තිබේ. නව කොවිඩ් ආසාදිතයින් 1.453ක් අලුතින් හඳුනාගත් බව ද , අද දිනයේ වාර්තා කොට ඇත. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 279,059…

මහ බැංකු අධිපති අයින් කරන්න අලුතින් කෙනෙකු සොයති ! ගන්න කෙනෙකු නෑ !!

මහ බැංකුවේ වත්මන් අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා එම තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බවත්, එම තනතුරට පත් කිරීමට සුදුස්සකු සොයමින් සිටින බවත්, තතු දත් ආරංචි මාර්ග කියයි. එම තනතුර භාර ගැනීමට කැමති සුදුසු තැනැත්තකු සොයා ගැනීමට ආණ්ඩුවට මෙතෙක් නොහැකි වීම නිසා අලුත් අයෙකු පත් කිරීම දිගට ම කල් යමින් තිබෙන බව…

රක්ෂණ සභාපති යන්න බෑ කියයි ! කැටගොඩ භාරගන්න බෑ කියයි !!

ජේෂ්ට කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතාට රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇතත්, ඒ මහතා ඉල්ලා අස් නොවී දිගට ම සේවයේ යේ දී සිටින බව රක්ෂණ සංස්ථ ආරංචි මාර්ග ප්‍රකාශ කරන අතර සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට ඒ මහතා අකමැත්ත ප්‍රකාශ කොට ඇති බව කියති. මේ අතර ජයන්ත කැටගොඩ මහතා ප්‍රකාශ කොට ඇත්තේ රක්ෂණ…

මාධ්‍යවේදීන්ගේ පෞද්ගලික තොරතුරු ඉල්ලීම නීත්‍යනුකුල නැහැ – මාධ්‍ය සංවිධාන පොලිස්පතිට ලියයි

මාධ්‍යවේදීන් පොලිස් ස්ථාන වෙත ගෙන්වා ඔවුන්ගේ අතිශය පෞද්ගලික තොරතුරු විමසීමට පොලිසිය කටයුතු කළ අවස්ථා රැසක් වාර්තා වී ඇති බවත්, එසේ කිරීම නීත්‍යනුකුල නොවන බවත්, කියමින් මෙම ක්‍රියා නතර කරන ලෙස ඉල්ලා මාධ්‍ය සංවිධාන එකතුව පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කොට ඇත. එම ලිපිය මෙසේ ය. 07. 14 පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස් මුලස්ථානය, කොළඹ.   පොලිස්පතිතුමනි,…

වසරක් තුළ ආහාර වියදම සියයට 30 කින් ඉහළට – අඩ්වෝකාටා ‘බත්කරී’ දර්ශකයෙන් පෙන්නුම් කරයි

පසුගිය වසරක කාලය තුළ මේර ජනයාගේ ආහාර වියදම සියයට 29.86 කින් ඉහළ ගොස් ඇති බව ‘අඩ්වෝකාටා’ ආයතනය හඳුන්වා දී ඇති ‘බත්කරි ‘ දර්ශකයෙන් පෙන්නුම් කරයි. එම දර්ශකයට අනුව පසුගිය මාසයේ ආහාර වියදම් ඉහළ යෑමේ ප්‍රතිශතය සියයට 14.3 කි. පසුගිය මාස තුනේ සාමන්‍යය සටහන් වී ඇත්තේ සියයට 12.32 ක් වශයෙනි. සාමාන්‍ය ජනයාගේ ආහාර වියදම්වල ඉහළ ,…

තවත් කොවිඩ් මරණ 41 ක්; ආසාදිතයින් 1404 ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 41 ක් රජය නිල වශයෙන් වාර්තා කොට ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,574 ක් ලෙස සටහන් වෙයි. රජය වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1,404 කි. ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 277,510 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පාස්කු ප්‍රහාරය පිටුපස ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා ; එයට සම්බන්ධ අය ඉහළ තනතුරුවල සිටිනවා – අග රදගුරු තුමා

පාස්කු ප්‍රහාරය පිටුපස සැඟවුණු විශාල කුමන්ත්‍රණයක් ඇති බව මේ වනවිට හෙළි වී ඇති කරුණු වලින් පෙනී යන බවත්, එය හෙලි කිරීමට ප්‍රමාණවත් පරීක්ෂණයක් සිදු වී නැති  බවත්, අග රදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ අද ප්‍රකාශ කළ හ. මෙම ප්‍රහාරයට වග කිව යුතු ඇතැම් තැනැත්තන් තවමත් රජයේ ඉහල තනතුරු දරමින් සිටින බවත්, එය තම ජනතාවට වේදනාවක්…

කැටගොඩට තනතුරක් දෙන්න රක්ෂණයේ සභාපති රට පටවයි !

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වත්මන්සභාපති ජේස්ට කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා එම තනතුරින් ඉවත් කොට ඔහුට විදේශ සේවයේ තනතුරක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. ඒ මහතාට ලබාදීමට යන්නේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් ධුරය බව කියති. මේ සමග රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු ගණනාවක් වෙනස් කිරීමට සැලසුම් කොට ඇති බව ද වාර්තා වෙයි. එහි…

යුරියා ගැන කියන කතා ඇත්තද? බොරුද? – ආචාර්ය නිමල් රාජපක්ෂ විසිනි

මෑතක දී කෘත්‍රිම රසායනික පොහොර ආනයනය තහනම් කිරීමෙන් පසුව ප්‍රසිද්ධ මාධ්‍යයන් හි බොහෝ විශේෂඥ කතිකා ප්‍රචාරය වූයේය. කනගාටුවට හේතුවන උත්ප්‍රාසාත්මක කාරණය නම්, රසායන විද්‍යා විෂයෙන් පරිබාහිර වූ එම විශේෂඥයන් යූරියාවල රසායනික ගුණ සම්බන්ධව වැරදි සහගත ප්‍රකාශ කිරීමයි. පොහොරවල විස ගතිය හෝ වෙනත් කාරණයක් කෘෂිකර්ම විද්‍යාත්මක ගැටලුවක් බවට පත්වන්නේ එය වගා බිම්වලට හානිකර වුවහොත් පමණකි. ඊට…

අද මරණ 31 යි ; ආසාදිතයින් 1488 යි

ඊයේ සිදු වූ බව කියන කොවිඩ් ආසාදිත මරණ 31 ක් අද දිනයේ වාර්තා  කොට ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 3,533 ක් වශයෙනි. අද දින අලුතින් හඳුනාගත් බවට වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1,488 කි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 276,106 ක් වශයෙනි.