කැටගොඩට තනතුරක් දෙන්න රක්ෂණයේ සභාපති රට පටවයි !

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වත්මන්සභාපති ජේස්ට කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා එම තනතුරින් ඉවත් කොට ඔහුට විදේශ සේවයේ තනතුරක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
ඒ මහතාට ලබාදීමට යන්නේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් ධුරය බව කියති.
මේ සමග රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු ගණනාවක් වෙනස් කිරීමට සැලසුම් කොට ඇති බව ද වාර්තා වෙයි.
එහි එක් අරමුණක් නම් බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පැමිණීම සඳහා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ ජයන්ත කැටගොඩ මහතාට රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක් ලබාදීම බව ද කියති
